Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තලෙයිබාන් ප්‍රහාර හමුවේ ඇෆ්ගනිස්ථාන හමුදාවන් පළා යයි : නගර රැසක පාලනය සටන්කාමින් යටතට

ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන නගර රැසක බලය මේවනවිට තලෙයිබාන් සංවිධානය යටතට පත්ව තිබෙනවා. තලෙයිබාන් සංවිධානය හා ඇෆ්ගන් හමුදාව අතර ප්‍රදේශ රැසක දරුණු ...


ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන නගර රැසක බලය මේවනවිට තලෙයිබාන් සංවිධානය යටතට පත්ව තිබෙනවා. තලෙයිබාන් සංවිධානය හා ඇෆ්ගන් හමුදාව අතර ප්‍රදේශ රැසක දරුණු ගැටුම් පවතින බවත්, ගැටුම් හමුවේ හමුදාව පළායාම හේතුවෙන් තලෙයිබාන් සංවිධානය නගරයෙන් නගරයට සිය බලය අල්ලා ගනිමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.


හේරාට් හා කන්දහාර් යන උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත් ප්‍රධාන නගර ද මේවනවිට පවතින්නේ තලෙයිබාන් පාලනය යටතේයි. 


මේ අතර ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර තලෙයිබාන් සංවිධානය යටතට පත්වීමේ අවදානමක් ද මේවනවිට මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. උපායමාර්ගික වශයෙන් වැදගත් ගස්නි නගරයේ බලය තලෙයිබාන් සංවිධානය සියතට ගෙන ඇති අතර ඒ හමුවේ කාබුල් අගනුවර ආරක්ෂාව අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැවි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


කෙසේවෙතත් තලෙයිබාන් සංවිධානයේ පාලනයෙන් මිදී පළා එන ඇෆ්ගන් වැසියන් දහස් ගණනක් මේවනවිට සරණාගතයින් ලෙස රැඳී සිටින්නේ කාබුල් අගනුවරයි. එම සරණාගතයින් අතර දරුවන් රැසක් ද සිටිනවා. 


ඇෆ්ගනිස්තානය මෙලෙස තලෙයිබාන් පාලනයට නතු වෙමින් ඇත්තේ අමෙරිකානු හමුදාව එරටින් ඉවත්වීමත් සමගයි. 

nethnews

No comments

Ads Place