Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් සහ කිරිපිටි හිඟය ඉදිරි දින කිහිපයේදී විසඳේවි

  ජනතාවට සහන සැලසීමේ අරමුණින් සමාගම් ඉල්ලන ආකාරයට භාණ්ඩ මිල වැඩි කිරීමට ඉඩ නොදීම නිසා වෙළඳපොලේ කිරිපිටි, ගෑස් හිඟයක් පැවති බවත් එය තව දින කි...

 


ජනතාවට සහන සැලසීමේ අරමුණින් සමාගම් ඉල්ලන ආකාරයට භාණ්ඩ මිල වැඩි කිරීමට ඉඩ නොදීම නිසා වෙළඳපොලේ කිරිපිටි, ගෑස් හිඟයක් පැවති බවත් එය තව දින කිහිපයකින් මඟහැරී යන බවත් වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.


 වෙළෙඳ අමාත්‍යාංශයේ දී ඊයේ (12 දා* පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසූ ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.


 ‘‘ජනතාවට ලබාදිය හැකි සහන හැමදෙයක්ම රජය විසින් ලබාදී තිබෙනවා. රජයට මැදිහත්වී මිල අඩුකළ හැකි හැම දෙයකම මිල අඩුකර සහන මිලකට ලබාදීමට පියවර ගෙන තිබෙනවා. පාලනය කළ හැකි භාණ්ඩ රාශියක මිල පාලනය කර තිබෙනවා. එසේ පාලනය කිරීමට උත්සාහ කිරීමෙන් අහිතකර ප‍්‍රතිපලත් ඇතිවී තිබෙනවා. එයට උදාහරණය ගෑස් සමාගම් විසින් මාස හයක කාලයක සිට මිල වැඩි කිරීමට කළ ඉල්ලීමට ඉඩනොදීම.


 ජනතාවට පීඩනයක් පැටවීමට නොහැකි නිසා රජයේ ගෑස් සමාගම විශාල අලාභයක් විඳගෙන ජනතාවට ගෑස් ලබා දෙනවා. පෞද්ගලික අංශයට එහෙම කරන්න බැහැ. පෞද්ගලික ගෑස් සමාගමට ඊයේ වන තෙක් මිල වැඩි කිරීමට ඉඩ දුන්නේ නැහැ. ඒනිසා රටතුළ ගැටලූවක් මතුවුණා. කිරිපිටිත් එහෙමයි. ඒවා ආනයනය කරන පුද්ගලික සමාගම් කියනවා ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මිල ඉහළ ගොස් විනිමය අනුපාතය වැඩිවී තිබෙනවා ඒ නිසා මිල වැඩිකළ යුතුයි කියලා. ඊට අවසර දුන්නා නම් කිසිදු කිරිපිටි හිඟයක් ඇතිවන්නේ නැහැ. ප‍්‍රශ්නය රජයට කළමනාකරණය කරගත නොහැකිවීමක් නොවෙයි. රජය ජනතාවට සහන සැලසීමට ඉල්ලන ආකාරයට භාණ්ඩ මිල වැඩි කිරීමට ඉඩ නොදීම නිසයි මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ. තත්ත්වය මඟහැරවීමට රජයට ගත හැකි ක‍්‍රියාමාර්ගය කිරිපිටි ආනයනය කිරීම සඳහා රජය පනවා තිබෙන බදු පුළුවන් තරම් අඩු කිරීමයි. මේ වනවිට ආනයනය කෙරෙන අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල බදු හැකි තරම් අඩුකර තිබෙනවා. කිරිපිටි හිඟයට මුහුණදීම සඳහා මුදල් ඇමැතිවරයා විසින් නැවතත් ඒ සඳහා වූ ආනයනික බදු අඩුකර තිබෙනවා.


 වසංගත තත්ත්වය තුළ මුළු ලෝකයේම සැපයුම් ක‍්‍රියාවලිය අඩපණ වී තිබෙනවා. ආනයන අපනයන ක‍්‍රියාවලියට බරපතළ ලෙස බාධා පැමිණ තිබෙනවා. නැව් ගාස්තු, කන්ටේනර් ගාස්තු අහස උසට රොකට් වේගයෙන් ඉහළගොස් තිබෙනවා. ඕනෑම රටක රජයකට පාලනය කළ හැකි හා පාලනය කළ නොහැකි කියා සාධක දෙකක් තිබෙනවා. ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් අපේ ආණ්ඩුව පාලනය කළ හැකි සියලූ කරුණු පාලනය කිරීමට ගත හැකි සියලූ ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවා. නමුත් පාලනය කළ නොහැකි සාධක අපි කාටවත් පාලනය කිරීමට බැහැ. ලෝක බලවතෙකු වන ඇමරිකාවේ කොවිඞ් ආසාදිත සංඛ්‍යාව අප රටේ ජනගහනයටත් වඩා වැඩියි. මරණ සංඛ්‍යාව ලක්ෂ හය ඉක්මවා තිබෙන්නෙත් එරට. එහි වැරැුද්ද එරට ජනාධිපතිවරයාගේ හෝ එරට රජයේ කියලා කවුරුත් කියන්නේ නැහැ.


 ජනාධිපතිවරයා, අපේ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ මිනිස් ජීවිත බේරා ගැනීමේ නිරන්තර අරගලයක යෙදී සිටිනවා. ඒ අතර වෙළෙඳ අමාත්‍යාංශය වශයෙන් අපි උත්සාහ කරන්නේ ජාත්‍යන්තර වශයෙන් භාණ්ඩ මිල ඉහළ ගියත්, ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප‍්‍රමාණය වැඩිවුණත් රොකට් වේගයෙන් භාණ්ඩ මිල ඉහල ගියත් රජයක් වශයෙන් මිල පාලනය කළ හැකි සියලූ දේ පාලනය කර ජනතාවට සහන සැලසීමයි. සහල් ආනයනය නොකිරීමට රජය තීරණය කිරීමෙන් පසු විවිධ ජාවාරම්කරුවන් විසින් සහල් මිල ජනතාවට ඔරොත්තු නොදෙන ආකාරයට ඉහළ දැමුවා. අදටත් එහෙමයි. මේ තත්ත්වයට විසඳුම් ක‍්‍රියාමාර්ග කීපයක් අරගෙන තිබෙනවා. සහල් වැඩි මිලට විකුණන්නන්ට දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩිකර තිබෙනවා. ලෝකයටම ඇතිවී තිබෙන මෙම ඛේදවාචකය නිසා සමස්ත ලෝකවාසී ජනතාවම පීඩාවට පත්ව තිබෙනවා. එවන් තත්ත්වයක් තුළයි මිල වැඩිකිරීම් නොදී කටයුතු කරන්නේ.


 පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා –


 රටේ පවතින ගෑස්, කිරිපිටි ගැටලූවෙන් පාරිභෝගිකයන්ට සිදුවූ අපහසුතාව ගැන අප කණගාටු වෙනවා. ලෝක වෙළෙඳ පොලේ කිරිපිටි මිල වැඩිවීමත් සමග මිල වැඩි කිරීමට කිරිපිටි ආනයන කරන සමාගම් රජයෙන් දිගින් දිගට ඉල්ලීම් කළා. ඒ අනුව රුපියල් 945 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 275 කින් හා රුපියල් 380 ග‍්‍රැම් 400 කිරි පිටි පැකැට්ටුවක් රුපියල් 110 කින් මිල වැඩි කිරීමට ඒ සමාගම් ඉල්ලීම් කළා. නමුත් රජය මේ අවස්ථාවේ ඊට ඉඩ දුන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ හිඟයක් ඇතිවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් කිරිපිටි ආනයනය කරන සමාගම් සමග මාස 5 ක් තිස්සේ සාකච්ඡුා කළා. පෙරේදා මුදල් ඇමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡුාවේදී මේ වන විට කිරිපිටි සඳහා අයකරන පැල් සහ රේගු ගාස්තු අඩු කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

devaina news paper

No comments

Ads Place