Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් පාසල් සිසුවියක් කොවිඩ් මාරයාට බිලි

 නාවල, ජනාධිපති බාලිකා විද්‍යාලයේ දොළොස් හැවිරිදි පාසල් සිසුවියක්ද කොවිඩ් ආසාදනය වීමෙන් මියගියාය. මෙසේ මියගොස් ඇත්තේ එම පාසලේ 7 ශ්‍රේණියේ ඉග...


 නාවල, ජනාධිපති බාලිකා විද්‍යාලයේ දොළොස් හැවිරිදි පාසල් සිසුවියක්ද කොවිඩ් ආසාදනය වීමෙන් මියගියාය.


මෙසේ මියගොස් ඇත්තේ එම පාසලේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අභිමානී නවෝද්‍යා සේරසුන්දර නමැති සිසුවියකි.


ඇය රාජගිරිය, ගල්පොත්ත පාරේ පදිංචිව සිටියාය.


ඇයට හටගත් සුළු අසනීප තත්වයක් පසුව ශ්වසන අපහසුතාවක් දක්වා වර්ධනයවී ඇත.


පසුව ඇය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බවත් එහිදී කළ පී.සී.ආර් පරීක්ෂණයකදී දැරියට කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි හඳුනා ගත් බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

lankadeepa

No comments

Ads Place