Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පහළ වායු ගෝලයේ කැලඹිලි තත්ත්වයක්

 පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්වයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) සහ හෙට (22) දිනවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත...


 පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්වයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) සහ හෙට (22) දිනවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ඒ අනුව මධ්‍යම, සබරගමුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බවද හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.


දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඔහු පැවසීය.


ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

lankadeepa

No comments

Ads Place