Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යාපනය රෝහලේ පළමුවරට සාර්ථක වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක්

යාපනය ශික්ෂණ රෝහලේදී සිදු කළ ප්‍රථම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම ඉතා සාර්ථක වී තිබෙනවා.  යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ශ්‍රී බවානන්ද රාජා පැවසුවේ...


යාපනය ශික්ෂණ රෝහලේදී සිදු කළ ප්‍රථම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම ඉතා සාර්ථක වී තිබෙනවා. 


යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ශ්‍රී බවානන්ද රාජා පැවසුවේ කොරෝනා වසංගතය මැද රෝහලේ වෛද්‍යවරු දැඩි කාර්ය බහුලත්වයකින් සිටින අතරතුර මෙම ශල්‍යකර්මය සිදු කළ බවයි. 


හදිසි අනතුරකින් යාපනයේදී මියගිය තරුණයකුගේ වකුගඩු ඔහුගේ පවුලේ ඥාතීන් විසින් යාපනය ශික්ෂණ රෝහලට පරිත්‍යාග කරනු ලැබ තිබුණා. ඉන් එක් වකුගඩුවක් යාපනයේ දරුණු වකුගඩු රෝගියෙකුට මෙලෙස බද්ධ කර තිබෙනවා. 


යාපනය ශික්ෂණ රෝහලේදී වකුගඩු සැත්කමක් පළමු වතාවට සිදු කිරීම හේතුවෙන් ඒ සදහා මහනුවර ශීක්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ද සහාය ලබාගෙන තිබුණා. 

nethnews

No comments

Ads Place