Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ මහාධිකරණ විනිසුරුගෙන් අල්ලස් කොමිසමට චෝදනා පත්‍රයක්

 නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාම අත්සන් කොට නොමැති බව සඳහන් කරමින් දේශපාලනඥයන්ට විරුද්ධ නඩු බොහෝමයක් අල්ලස් කොමිසම ඉල්ලා...


 නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාම අත්සන් කොට නොමැති බව සඳහන් කරමින් දේශපාලනඥයන්ට විරුද්ධ නඩු බොහෝමයක් අල්ලස් කොමිසම ඉල්ලා අස්කර ගනු ලැබූවත් එවැනිම තත්ත්වයක් තිබෙන සාමාන්‍ය මිනිස්සුන්ට එරෙහි නඩු විභාග කිරීමට අල්ලස් කොමිෂම උනන්දුවක් දක්වන්නේ යැයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා පැවසීය.


නඩු පැවරීම සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ අල්ලස් කොමිසමේ එක් කොමසාරිස්වරයෙකු පමණක් බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් ජයකොඩි මහතාගේ හරස් ප්‍රශ්න වලදී හෙළිවීම සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට නිදොස් කොට නිදහස් කළේය.


සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් නඩු නොපරවා සිටීම සඳහා කැලිස්ටස් ජයසේකර නමැත්තෙකුගෙන් රුපියල් 15,000 ක මුදලක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි හපුතලේ කම්කරු කොමසාරිස් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් දෙදෙනකු මෙලෙස නිදොස් කොට නිදහස් කළේය.


සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් නඩු නොපරවා සිටීම සඳහා කැලිස්ටස් ජයසේකර නමැත්තෙකුගෙන් රුපියල් 15,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි හපුතලේ කම්කරු කොමසාරිස් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීහු වශයෙන් කටයුතු කළ නිමල් රෝහණ සෝමවර්ධන හා r m කරුණාතිලක යන මහත්වරුන් ෙලෙස නිදොස් කොට නිදහස් කළේය.


2009 ජූලි මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැල්ලවායේදී හපුතලේ කම්කරු කොමසාරිස් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් වශයෙන් කටයුතු කරමින් සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් නඩු නොපරවා සිටීම සඳහා කැලිස්ටස් ජයසේකර නමැත්තෙකුගෙන් රුපියල් 15,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.


මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයේ දී විත්තිකරුවන්ට එරෙහි නඩුව අල්ලස් කොමිසමේ අනුමැතිය යටතේ පවරන ලද බවට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ඉදිරිපත් කළ කරුණු අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 420 වගන්තිය යටතේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් ජයකොඩි මහතා පිළිගැනීමක් කළේය.

lankadeepa news paper

No comments

Ads Place