Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දැන් මිය යන්නේ සති දෙකකට පෙර අසනීප වුණ අය…. ඉදිරියේදී කොවිඩ් මරණ වැඩි වේවි!

 * සෞඛ්‍ය සේවා නි. අධ්‍යක්ෂ ජනරාල්  ඉදිරි සති කිහිපයේදී කොවිඞ් ආසාදිත මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ...


 * සෞඛ්‍ය සේවා නි. අධ්‍යක්ෂ ජනරාල්


 ඉදිරි සති කිහිපයේදී කොවිඞ් ආසාදිත මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඊයේ (20 දා) සඳහන් කළේය.


 කොවිඞ් ආසාදිතව මේ දිනවල මියයන පුද්ගලයින් ඉකුත් සති දෙක තුළ වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගත වූවන් බවත් කී වෛද්‍යවරයා ඒ අනුව ඉදිරියේදී සැලකිය යුතු මට්ටමින් මෙරට කොවිඞ් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව සඳහන් කළේය.


 කෙසේ වෙතත් අනපේක්ෂිත ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට සෞඛ්‍ය අංශ සූදානම් බවත් පැවසූ වෛද්‍යවරයා සූදානම් වීමේ වේගය සහ රෝගීන් වැඩි වීමේ වේගය අතර ඇති සමතුලිතතාවය මත සියල්ල තීරණය වනු ඇතැයි ද කියා සිටියේය.


 එමෙන්ම රෝගීන් වාර්තා වීමේ පරතරය වැඩි වීමේ තත්ත්වයක් ඇති වුවහොත් එය අභියෝගාත්මක වනු ඇතැයි ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

devaina

No comments

Ads Place