Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හදිසියේම කොවිඩ් එන්නත් ලක්ෂ විස්සක් අතුරුදන් වෙයි

  කොවිඩ් එන්නත් ලක්ෂ විස්සකට අධික සංඛ්‍යාවක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි....

 


කොවිඩ් එන්නත් ලක්ෂ විස්සකට අධික සංඛ්‍යාවක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.


එම එන්නත් සංඛ්‍යාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සටහන් වී නොමැති බවත් එයට සිදුවී ඇත්තේ කුමක්ද යන්න තවමත් නිශ්චිත තොරතුරක් නොමැති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.


කෙසේ වෙතත් එන්නත් කරන වැඩපිළිවෙළේ දත්ත භාරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන අතර මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගෙන් කරුණු විමසීමේ දී ඒ මහතා සඳහන් කර සිටියේ එම එන්නත් සංඛ්‍යාව ජනතාවට ලබාදී ඇති බවත්,එහෙත් එකී එන්නත්වල දත්ත නිසි ලෙස ගබඩා කිරීමට නොහැකි වීම නිසා මෙම තත්වය තත්ත්වය ඇති වී ඇති බවත්ය.


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එන්නත්කරණය සේම අදාළ එන්නත් කරන ඒ දත්ත සටහන් කිරීමද සිදු කළ යුතු බවත් එක් දත්තයක් සටහන් කිරීමට විනාඩි හතරක පහක කාලයක් ගතවන බැවින් දිනකට එන්නත් හත්දාහක් අටදාහක් එක සෞඛ්‍ය කොට්ඨාශයක සිදු කරන විට අනිකුත් රාජකාරි සමග එය නිසි ලෙස සිදු කිරීමට ප්‍රායෝගික අ’පහසුතා ඇති බවත් ඔහු පවසා ඇත. 

nethnews

No comments

Ads Place