Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හමුදා නිලධාරියෙක් සහ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක්… කොරෝනා දත්ත වෙනස් කර රජය නොමඟ යවනවා…. පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල්

  කොවිඞ්-19 රෝගීන්ගේ දත්ත වෙනස් කිරීම පිටුපස ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ නිලධාරියෙක් හා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් සි...

 


කොවිඞ්-19 රෝගීන්ගේ දත්ත වෙනස් කිරීම පිටුපස ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ නිලධාරියෙක් හා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා පැවසීය.


 දෛනිකව හඳුනා ගන්නා කොවිඞ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 5000 ඉක්මවා ගොස් ඇති බවත්, එම දත්තයන් වෙනස් කරන බවත් කී ඒ මහතා කොවිඞ් මර්දන වැඩපිළිවෙළ අකර්මණ්‍ය කිරීමේ පරමාර්ථයෙන් මෙවැනි දෙයක් සිදුවන බවට සැක කරන බවත් ප‍්‍රකාශ කළේය.


 ඊයේ (13 වැනිදා* පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී ඒ මහතා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා, මේ කරුණු සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි මගේ ළඟ තියෙනවා. ඉකුත් 11 වැනිදා වාර්තාවට අනුව සමස්ත පී.සී.ආර්. පරීක්ෂණවලින් පුද්ගලයන් 4175 දෙනෙක් කොවිඞ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා.


 රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලින් 1239 දෙනෙක් කොවිඞ් ආසාදිතයන් බවට තහවුරුවී තියෙනවා. එම දත්තයන්ට අනුව 11 වෙනිදා තහවුරු කරගත් කොවිඞ් ආසාදිතයන් ගණන 5414 ක් වෙනවා.


 අපි දන්නවා මේ වැරදි තොරතුරු දීම සඳහා වසංගත රෝග විද්‍යා අංශයේ ඉහළම විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් මේ තොරතුරු වෙනස් කිරීමේ ක‍්‍රියාවට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ නිලධාරියෙකුත් එකතු වෙලා තමයි මේ තොරතුරු වෙනස් කරන්නේ. අපි හමුදාපතිතුමාටත් කියනවා ඕනේ නම් මේ ඉහළ නිලධාරියා කවුද කියලා හොයලා බලන්න පුළුවන්. ඒ වගේම මොවුන්ගේ පරමාර්ථය තමයි මේ වැඩපිළිවෙළ අකර්මණ්‍ය කිරීම. නිසි දත්ත මත කොරෝනා මර්දන ව්‍යාපාරය ඉදිරියට යෑම අකර්මණ්‍ය කිරීම. ඒ අනුව මේ තුන්කට්ටුව එක් පැත්තකින් ජනාධිපතිතුමා නොමඟ යවනවා. අනෙක් පැත්තෙන් කොරෝනා මර්දන වැඩපිළිවෙළ කඩාකප්පල් කරනවා.

devaina newspaper

No comments

Ads Place