Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රජය ජාවාරම්කාර වෙළෙඳ මාෆියාකරුවන් හතර පස් දෙනකු සතුටු කරනවා- සුනිල් හඳුන්නෙත්ති

  තමන්ට බලයට පැමිණීමට උදව් උපකාර කළ ජාවාරම්කාර වෙළෙඳ මාෆියාකරුවන් හතර පස් දෙනකු සතුටු කරනවා වෙනුවට ආණ්ඩුව අසරණ වූ ජනතාවට සහන දීමට වහා කටයුතු...

 


තමන්ට බලයට පැමිණීමට උදව් උපකාර කළ ජාවාරම්කාර වෙළෙඳ මාෆියාකරුවන් හතර පස් දෙනකු සතුටු කරනවා වෙනුවට ආණ්ඩුව අසරණ වූ ජනතාවට සහන දීමට වහා කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ 29 වැනිදා අවධාරණය කර කියා සිටියේය.


මෙම ආණ්ඩුව ගජ මිතුරන් සතුටු කරමින් ජනතාවගේ ජීවිත උගසට තබා සිදුකරමින් යන සූදුව කුමක්ද යන්න ජනතාව තේරුම් ගත යුතු බවත් ඊට එරෙහිව රටේ සියලූ ජනතාව එරෙහි විය යුතු බවත් හෙතෙම කීවේය.


ඒ මහතා ඊයේ (29 වැනිදා) එම අදහස් පලකළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසීය.


අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑමට ඩොලරයේ අගය වැඩිවීම, රුපියල බාල්දු වීම සහ ආනයනය සීමා පැනවීම වගේම ආර්ථිකයේ පසුබෑම වැනි කරුණු ආණ්ඩුව විසින් දක්වනවා. පොදුවේ දකින්න ලැබෙන කරුණු මේ තත්ත්වයේ තිබුණත් එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑම දරාගන්න බැරිවී තිබෙන්නේ මේ හේතු නිසාම නෙවෙයි. ජනතාව පවතින තත්ත්වයන් භාරගන්න ඕනෑ බව ආණ්ඩුව පවසනවා. පාරිභෝගික කටයුතු ඇමැතිවරයා ප‍්‍රකාශ කරන්නේ මේ මොහොතේදී උත්තරයක් නැහැ කියලා. මෙතරම් පීඩනයක් ජනතාවට තිබියදී වගකිව යුතු අමාත්‍යවරුන් කරන ප‍්‍රකාශ දිහා බැලූවාම ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ගය පැහැදිලියි.


සීනි සම්බන්ධයෙන් විශේෂයෙන්ම 2020 නොවැම්බර් 16 ගැසට් නිවේදනයක් නිකුත් කළා. තොග මිල රු. 80ක් සහ උපරිම සිල්ලර මිල රු. 85ක් නියම කළා. නමුත් මේ අතර සීනි ආනයනය කිරීමේ කිලෝවක බද්ද රු. 50 සිට ශත 25 දක්වා අඩු කළා. මෙතැන රු. කෝටි 1,500කට වැඩි බදු වංචාවක් සිදුවුණා. අපි ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළා. ඒ වෙනකොට මෙ.ටොන් 90,000ක් ගෙනත් තිබුණා. මැයි මාසය දක්වා මිල වැඩිවීමක් නොවන බව බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ප‍්‍රකාශ කළා. ආනයනකරුවන් සමග වෙළෙඳ ඇමැතිවරයා විල්මා ආයතනය ඇතුළුව 12දෙනකු සමග විතරක් ගිවිසුම් අත්සන් කළා. නමුත් ඒ වෙනකොට 65 දෙනකු ආනයනය කිරීමේ යෙදී හිටියා. නමුත් මැයි මාසයෙන් පස්සේ සීනි මිල වේගයෙන් වැඩිවී අද රු. 240ක් ඉක්මවා තිබෙනවා. උපරිම මිල සීමාව අපේ‍්‍රල් මාසයෙන් අවසන් වුණා. වෙළෙඳ ඇමැතිවරයා කීවේ සීනි හිඟයක් නැති නිසා ප‍්‍රශ්නය ඉවරයි කියලා. දැන් පාරිභෝගික කටයුතු ඇමැතිවරයා කියන්නේ රු. 100කින් මිල වැඩිවුණත් කරන්න දෙයක් නැහැ කියලා. මේ රටේ ජනතාව වෙනුවෙන් සහන දෙන්න තිබියදී බදු වංචා කරලා කිහිප දෙනෙක් අතර ඒකාධිකාරයක් පිහිටුවන්න ආණ්ඩුව ඉඩ දීලා. සහල් වෙළෙඳපොළේ තියෙන්නේ ආණ්ඩුවේ ගජ මිතුරන්ගේ ඒකාධිකාරයේ ප‍්‍රතිඵලයි. ගොවි ජනතාවත් පාරිභෝගිකයත් අසරණ කරලා තියෙන්නේ. සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන රතු කැකුළු සහල් කිලෝ එකක් 115ක විතර ඉඳලා විවිධ වර්ගවල සහල් රු. 200 දක්වා මිල වැඩිවෙලා.


වෙළෙඳපොළේ මිල වැඩිවන අවස්ථාවල දේශීය නිෂ්පාදකයන්, දේශීය කර්මාන්ත දියුණු කරන්න සමහර ඇමැතිවරු කතා කරනවා. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කළෙත් ඒ විදිහට. ඊට පස්සේ මොනවාද සිද්ධ වුණේ? සැමන් කර්මාන්ත ශාලාත් එහෙමයි. අනෙක් පැත්තෙන් සැමන් සහ පරිප්පු සහනාධාර මිලට දෙනවා කියලා අද මොකද වෙලා තියෙන්නේ? අද දිනපතාම සියලූම අත්‍යවශය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යනවා. රු. 150ට තිබුණු අල කිලෝ එක රු 200 සහ ලංකා අල කිලෝව 250 දක්වා ඉහළ ගිහින්. ලොකු ලූනු කිලෝ එක රු 130යි. 340ට තිබුණු හාල් මැස්සෝ කිලෝව රු. 1100 විතර දක්වා වැඩිවෙලා. වියළි මිරිස් 650යි. රු. 380ට තිබුණු පොල් තෙල් ලීටරය අද 750යි. අද කිරිපිටි හිඟයක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම එළවළු සියලූම වර්ගවල මිල ගණන් දිනපතා ඉහළ යනවා. අද ආදායම් මාර්ග අහිමි වී, නිරෝධායනයට ලක්වී, නිරෝධායන ඇඳිරි නීතියට ලක්වී ඉන්න ජනතාව මුහුණ දෙන ජීවන වියදම් ගැටලූ ගෑස් මිල, ඉන්ධන මිල, පාන් සහ බනිස් මිල ඇතුළු අත්‍යවශ්‍ය හැම දේකින්ම වේගයෙන් වැඩිවෙලා. ආදායම් මාර්ග නැතිවීම, පඩි වැඩිවීම් නැතිවීම, පවතින පසුබිමක පුංචි බිස්කට් පැකට් එකක පවා මිල රු. 10කින් විතර සතිපතා වැඩිවෙමින් තිබෙනවා.

devina

No comments

Ads Place