Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බන්ධනාගාර රැදවියන්ට අමුත්තන් පෙන්වීම තවදුරටත් කල් යයි

රැදවියන් සඳහා අමුත්තන් පෙන්වීම තවදුරටත් කල්දමන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. රට තුළ පවතින කොරෝන අවදානම සැලකිල්ලට ගනිමින් රැදවියන්ට අමු...


රැදවියන් සඳහා අමුත්තන් පෙන්වීම තවදුරටත් කල්දමන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. රට තුළ පවතින කොරෝන අවදානම සැලකිල්ලට ගනිමින් රැදවියන්ට අමුත්තන් පෙන්වීම නැවත දැනුම් දෙන තුරු කල් දැමූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ.


එමෙන්ම නඩු කටයුතු වෙනුවෙන් නීතිඥවරුන්ටද රැදවියන් හමුවීමට අවස්ථාව හිමි වන්නේ නැහැ. කෙසේවෙතත් නඩු කටයුතුවලට අවශ්‍ය ලියකියවිලි පමණක් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ලබා දීමට කටයුතු යොදැ ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් චන්දන ඒකනායක වැඩිදුරටත් සඳහන් කළේ. 

nethnews

No comments

Ads Place