Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැංකු කාඩ්පත් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

  කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ දී සීමා පනවා ඇති පුවත ගැන මහ බැංකුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.  විද්‍යුත් මුදල් මාරු කාඩ්පත් භාවිතා කරමින්...

 


කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ දී සීමා පනවා ඇති පුවත ගැන මහ බැංකුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 


විද්‍යුත් මුදල් මාරු කාඩ්පත් භාවිතා කරමින් නීත්‍යානුකූල ගෙවීම් සිදු කිරීමේදී යම් දුෂ්කරතාවයකට  මුහුණපෑමට සිදු වේ නම් ඊට අදාළ බැංකුව සම්බන්ධ කර ගන්නා ලෙස මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.


ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් සීමා කිරීමක් තහනම් කිරීමක් සිදු කර ඇති බවට පණිවුඩ පැතිරයාම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා.


විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා නොමැති බවත් එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවත් මහ බැංකුව සඳහන් කරනවා.

nethnews

No comments

Ads Place