Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“රට වහන සටන්පාඨය කියවන බොහෝමයක් රජයෙන් පඩි ගන්න අය” අශෝක හඳගම රට වැසීම ගැන කියන තිත්ත ඇත්ත!

  මම ජීවිතේ දිහා බලන්නේ හිතුවක්කාර විදියට. නිර්මාණ ජීවිතේ ඇතුලේ කරපු තරමක් කලෙත් හිතුවක්කාර වැඩ. කොරෝනා අර්බුධය දකින්නෙත් ඊට මුහුණ දෙන විදිය...

 


මම ජීවිතේ දිහා බලන්නේ හිතුවක්කාර විදියට. නිර්මාණ ජීවිතේ ඇතුලේ කරපු තරමක් කලෙත් හිතුවක්කාර වැඩ. කොරෝනා අර්බුධය දකින්නෙත් ඊට මුහුණ දෙන විදිය දකින්නෙත් හිතුවක්කාර විදියට.


මේ සිදුවන කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරන්න ආර්ථිකය අමතක කර රට පුරා සති තුනකට ඇඳිරිනීතිය දමන්න කියා සමහරක් දෙනා ඉල්ලා සිටිනවා.


අපේ ආර්ථිකය ඇරගන හිටියා කියලා අමුතු ප්‍රාතිහාර්යයක් සිද්ධවෙන්නේ නැහැ තමයි. ඒත් මුළු සමාජය පුරාම වසංගතය පැතිරී තිබෙන විට සති තුනක් වහගන රැකගන්න පුළුවන් දෙයකුත් නැහැ කියන එක තමයි මගේ තක්සේරුව. ගෙදරටම ඩිලිවර් කරන ග්‍රොසරි මල්ලේ සැඟවිලා ත් කොවිඩ් එන්න පුළුවන්. මංගල සමරවීර, ජිප්සීස් සුනිල් වගේ අයටත් පහර දෙන කොවිඩ්, එදිනෙදා කීයක් හරි හොයාගන ජීවත් වෙන අයට පහර නොදී අහක බලාගන ඉඳියි කියලා හිතන්නේ කොහොමද?


වහගන ආරක්ෂා වී ඉන්නත් සමහර අංශ ඇරගන ඉන්න වෙනවා. සෞඛ්‍ය සේවය ඇතුළු, ජල සැපයුම, විදුලිය, ආහාර බෙදා හැරීම් වැනි අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගත යුතුයි. ඒවාට වියදමක් යනවා. ඒ වගේම ලංකාවේ රාජ්‍ය අංශය විශාලයි. ඒ විශාල රාජ්‍ය අංශයේ සේවකයිනට පඩිනඩි ගෙවන්න ආණ්ඩුවට ලොකු වියදමක් යනවා. මේ සේරම ගත්තම කොයි ආණ්ඩුව බලයේ හිටියත් රජයේ වියදම් සුළු පටු නෙවෙයි. පහුගිය කාලෙම ආණ්ඩුව කලේ මේ වියදම් පියවා ගන්න සල්ලි අච්චු ගහන එක. එහෙම කරලා මිනිස්සුන් ගේ අතට සල්ලි බෙදා හැරියට ඒ සල්ලි වලින් මිලදී ගන්න භාණ්ඩ නිෂ්පාදනය වෙන්නෙත් නැත්නම්, පිට රටින් ආනයනය කරන්න ඩොලරුත් නැත්නම් වෙන්නේ විශාල මුදල් ප්‍රමාණයක් සීමිත භාණ්ඩ ප්‍රමාණයක් හඹාගන යන එක. අවසානයේ වෙන්නේ මිල ගණන් හිතන්න බැරි විදියට ඉහල යන එක.


රට වහන සටන්පාඨය කියවන බොහෝමයක් දෙනා ඇරගන හිටියත් වහගන හිටියත් නිත්‍ය මාසික ආදායමක් ලබන රජයෙන් පඩි ගන්න අය. ඒත් ඒ අය දැනුවත්ව හෝ නොදැනුවත්ව නොසලකා හරින සත්‍යයක් තියෙනවා. ඒ තමයි, තමන්ට මාසිකව නිත්‍ය ආදායමක් ලැබෙන්නේ, ආර්ථික රෝදය කැරකුනොත් විතරයි කියලා. විශේෂයෙන් විධිමත් සහ අවිධිමත් පුද්ගලික අංශය.


ඇඳිරි නීතිය දාලා රට වහනකොට අනිවාර්යයෙන් තම ජීවන මාර්ග ඇහිරෙන විශාල ජන කොටසක් රටේ ඉන්නවා. ඒ අවිධිමත් පුද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්. රට ඇරලා තිබුනත් මේ වසංගත තත්වය හමුවේ දැනටමත් ඔවුනගේ බඩට පහර වැදී ඉවරයි. මේ අයගේ වේදනාව රට වහන්න කියලා කෑ ගහන අයට දැනෙන්නේ තමන්ගේ බඩට වැදුණු දාට විතරයි.


රට වහන්න කියලා උද්ඝෝෂණ කරන අයට ආණ්ඩුව කිවුවොත් මාසයක් වහන්නම් මාසයක් පඩි ගෙවන්න වෙන්නේ නැහැ කියලා තත්වය බලා ගන්න පුළුවන් !


ඒ නිසා ආණ්ඩුවට කියලා නීතියෙන් රට වහන්න බල කරනවට වඩා මේ මොහොතේ කල යුත්තේ තම තමන් ආරක්ෂාකාරී වීමයි. පරිස්සමින් තම එදිනෙදා කටයුතු කර ගැනීමයි. කොවිඩ් තත්වය ලඟකදී පහව යන එකක් නොවන බව දැන් පැහැදිලියි.


නවසීලන්තය රටම ලොක්ඩවුන් කලා එක කොවිඩ් ආසධිතයෙක් හමුවෙලා. ඒක හරි. පැතිරෙන එක වැළකෙනවා. ඒත් ඒ නවසීලන්තය. පස්ස පැත්ත කහගන්න නියපොත්තක් නැති අපට එහෙම කරන්න බැහැ. කොවිඩ් වලට විශ්වීය විසඳුම් නැහැ. අපිට සටන් වදින්න වෙන්නේ අපිට තියෙන ආයුධ වලින්. අපේ ශක්තියෙන්.


කොවිඩ් රට පුරා පැතිරිලා තියෙද්දී සති තුනක් වැහුවා කියලා අපේ අමුතු පාලනයක් වෙයි කියලා හිතන්න හේතුවක් නැහැ. පාලනය වෙනවා නම් වෙන්නේ හැමෝටම වැක්සීන් එක ගැහුවොත් විතරයි. ඊශ්‍රාලය වගේ රටවල් දිහා බලපුවාම වැක්සීන් ගැහුවා ට පාලනය වෙයි කියලා ෂුවර් කරන්නත් බැහැ. ඉස්සරහට ඇතිවෙන්න ඉඩ තියෙන ප්‍රභේද ගැන හිතුවොත්, මේ වැක්සින් ගැහිල්ලේ කෙළවරක් දකින්න ලැබෙන එකකුත් නැහැ. ලංකාවේ දැනටමත් ඩෙල්ටා එකේ අලුත් විකෘතීන් ( mutations ) ඇතිවෙලා.


වැක්සීන් හදන රටවලට ඒක බිස්නස් එකක්. හැමදාම අපට නිකං හම්බවෙන්නේ නැහැ. ඒකට සල්ලි ඕන. ආර්ථිකේ වහගන කට ඇරන් බලන් හිටියට සල්ලි උපදින්නේ නැහැ. වැඩ කරන්න ඕන. පුළු පුළුවන් විදියට එදිනෙදා කටයුතු කරගන යන්න ඕනේ. තමන් පරිස්සම් වෙනවා වගේම තමන්ගෙන් තවකෙනෙකුට අනතුරක් වෙන එකත් වැලකෙන විදියට හැසිරෙන්න ඕනේ.


මේ තමයි තව කාලෙකට අළුත් ජීවිතේ..


වයිරසය විවිධ ස්වරූප ගනිමින් අප හමුවට පැමිණේවි. මේ හැම හොල්මනකටම බිය වී සැඟවීමෙන් ඉන් ගැලවෙන්න බැහැ. අළුත් සමාජ ජීවිතේ ගමන් මග වැටී ඇත්තේ වන දුර්ගයක් මැදින් නම් රුදුරු වන සතුන් ගහනවා කියලා ගමන නොගොහින් බැහැ. යා යුතුයි….


(පිංතුරය ගත්තේ මුහුණු පොතෙන්.)


noizetv

No comments

Ads Place