Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ජරමර අස්සේ ගිය මාසේ ඩොලර් බිලියනයක් ලංකාවට ඇවිත්!

 පසුගිය ජූලි මාසයේ උපයා ඇති අපනයන ආදායම, ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා තිබේ. මෙම වසර තුළ, ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගිය අපනයන ආදායමක් වා...


 පසුගිය ජූලි මාසයේ උපයා ඇති අපනයන ආදායම, ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා තිබේ. මෙම වසර තුළ, ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගිය අපනයන ආදායමක් වාර්තා කළ දෙවන අවස්ථාව මෙයයි.


පසුගිය මාර්තු මාසයේ දී ද ශ‍්‍රී ලංකාව උපයා තිබෙන අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබුණි. මෙම වසරේ ජූලි මාසයේ උපයා ඇති අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1099.40 කි. එය මෙතෙක් එක් මාසයක් තුළ උපයා ඇති වැඩිම අපනයන ආදායම වේ.


2020 ජූලි මාසයේ උපයා ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 1085 කි. 2019 වසරේ ජූලි මාසයේ උපයා ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 978.2 කි.


අපනයන ආදායම ඉහළ යාම කෙරෙහි බලපා ඇත්තේ, ඇගළුම් හා රෙදිපිළි අපනයනය, රබර් ආශ‍්‍රිත නිෂ්පාදන, කුළු බඩු අපනයනය, පොල් ආශ‍්‍රිත නිෂ්පාදන සහ ඉලෙක්ට්‍රොනික උපාංග අපනයයෙන් මෙම වසරේ මුල් මාස හත තුළ උපයා ඇති ආදායම, පසුගිය වසරේ මුල් මාස හතට සාපේක්ෂව 22.17% කින් ඉහළ යාමයි.


කෙසේ වෙතත්, මෙම වසරේ ජූලි මාසයේ තේ අපනයනයෙන් උපයා ඇති ආදායම පහත වැටී ඇති බව වාර්තා වේ.

noizetv

No comments

Ads Place