Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිෂාඩ්ගේ මස්සිනා අතවර කළ තවත් මෙහෙකාර කතක් සාක්‍ෂි දෙයි

  රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිදගේ සොහොයුරා විසින් මන්ත්‍රී නිල නිවසේදී තවත් 29 හැවිරිදි මෙහෙකා...

 


රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිදගේ සොහොයුරා විසින් මන්ත්‍රී නිල නිවසේදී තවත් 29 හැවිරිදි මෙහෙකාර තරුණියක් ලිංගික හිංසනයට ලක් කර ඇති බව විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා.


එම තරුණිය මන්ත්‍රිවරයාගේ නිවසේ 2009  සහ 2010 යන කාලසීමාවේදී සේවය කළ අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.


මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවය සදහා තැරැව්කරු විසින් කාන්තාවන් 11 දෙනෙකු රැගෙනවිත් ඇති අතර ඉන් තිදෙනෙකු මියගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.


මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය ඉෂාලිනි දැරියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා අදත් වතුකරයේ විරෝධතා පැවැත්වුණා.


බගවන්තලාව, බොගවාන වතු යායේ වතු කම්කරුවන් පිරිසක් බොගවාන තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.


මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට උපරිම දඩුවම් ලබාදෙන ලෙස විරෝධතාකරුවන් මෙහිදී ඉල්ලීමක් කළා.


ආන්දෝලනයට තුඩු දුන් මෙම සිද්ධිය පිළිබද මහනුවරදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මෙලෙස අදහස් දැක්වූවා.

nethnews

No comments

Ads Place