Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට වහන්න බෑ – ජනපති කියයි

 * කොළඹ ආසාදිතයන්ගෙන් 90%කට ‘ඩෙල්ටා’ * ආසාදිත අයකුගෙන්  පැයක් ඇතුළත  පවුලටම පැතිරෙනවා – ආචාර්ය චන්දිම ජීවන්දර රට වසා දැමීමක් සිදු කළ නොහැකි ...


 * කොළඹ ආසාදිතයන්ගෙන් 90%කට ‘ඩෙල්ටා’


* ආසාදිත අයකුගෙන්  පැයක් ඇතුළත  පවුලටම පැතිරෙනවා – ආචාර්ය චන්දිම ජීවන්දර


රට වසා දැමීමක් සිදු කළ නොහැකි බවත්, දැනට කි‍්‍රයාත්මක සංචරණ සීමා දැඩි කිරීමට කටයුතු කෙරෙමින් තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ සදහන් කර ඇත.


රට වසා දැමුවහොත් රටේ ආර්ථිකය බිඳ වැටෙන බවත් දෛනික වැටුප් මත යැපෙන පුරවැසියන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවත් ජනාධිපතිවරයා එහිදී කියා තිබේ.


සිය ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය පෙරේදා (17 වැනිදා) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මේ බව සදහන් කර ඇත.


ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට නම් එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කළ යුතු බවය.


මේ අතර කොළඹ නාගරික සීමාවෙන් හඳුනාගන්නා නව ආසාදිතයන් අතරින් සියයට 90ක් ම මාරාන්තික ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය ආසාදනය වූවන් බව අනාවරණය වී ඇතැයි ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්ති විද්‍යා සහ ෙසෙල ජෛව විද්‍යා ඒකකයේ ප‍්‍රධානී වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ස`දහන් කරයි.



මෙම තත්ත්වය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් දෙඅත් සේදීම, මුව ආවරණ නිසි පරිදි පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑම ආදිය අනිවාර්යයෙන්ම කළයුතුව ඇතැයි ද ඒ මහතා අවධාරණය කරයි.


මුලින්ම චීනයෙන් හ`දුනාගනු ලැබූ කොරෝනා වෛරස් ප‍්‍රභේදයට වඩා සියයට සියයක වේගවත් ව්‍යාප්තියකින් යුතු ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය මුව ආවරණ නොමැති අයකුට තත්පර පහකදී ආසාදනය වන බව ද පෙන්වා දෙන ඒ මහතා එසේ ආසාදනය වූ පුද්ගලයාට සිය පවුලටම එය ලබා දීමට පැයක කාලයක් ප‍්‍රමාණවත් බව ද පෙන්වා දෙයි.


මේ දක්වා කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ති‍්‍රක්කවලින් මෙන්ම යාපනය, මුලතිව්, කිලිනොච්චිය, ති‍්‍රකුණාමලය, වව්නියාව, දඹුල්ල, මහනුවර, අම්පාර, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවලින් ද ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වූවන් හ`දුනාගෙන ඇත.


මෙම ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය බස්නාහිර පළාතෙන් පිටත වසංගත තත්ත්වයෙන් මේ දක්වා ව්‍යාප්ත වී නොමැති බව ද චන්දිම ජීවන්දර මහතා පවසයි.


දැනටත් රටපුරා බොහෝ ප‍්‍රදේශවලින් වාර්තා වන්නේ ඇල්ෆා කොරෝනා ප‍්‍රභේදය බව ද ඔහු පෙන්වා දෙයි.


මෙරට ඇතුළුව රටවල් 100ක මේ වන විට ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය ව්‍යාප්ත වී ඇති අතර මාරාන්තික ඩෙල්ටා ප‍්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීමට කඩිනමින් නිසි පියවර නොගතහොත් ඉදිරියේදී මරණ සංඛ්‍යාව බොහෝ සේ වැඩි වීමේ අවදානමක් පවතින බව ද චන්දිම ජීවන්දර මහතා අවධාරණය කරයි.

devaina

No comments

Ads Place