Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ක්‍රිකට් තරග සංචාරයක් සදහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.  දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ...


ක්‍රිකට් තරග සංචාරයක් සදහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. 


දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ. 


ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා. 


ඇමති ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ මෙම ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිස කොළඹ බලා රැගෙන ගිය බවද නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා. ජෛව ආරක්ෂක බුබුලක් ලෙස මෙම ක්‍රිකට් තරග සංචාරය තුළ දකුණු අප්‍රිකාණු ක්‍රීඩකයන් කටයුතු කිරීමට නියමිතයි.


ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් 2 වනදා ආරම්භ වනවා. තරගාවලියට එක්දින තරග 3 ක් සහ පන්දුවාර 20 තරග 3 ක් ඇතුළත්.

nethnews

No comments

Ads Place