Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා සියළු මරණවලට ආණ්ඩුව වගකිව යුතුයි.. පිස්සන්ගේ පැණි ප‍්‍රමෝට් කල නිසා මෙහෙම වුනේ..

  විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මෙසේ පවසා සිටියේය...


 විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මෙසේ පවසා සිටියේය.

මිත්‍යාව පිටිපස්සේ ගිහින් කලගෙඩි ගංගාවල්වලට අතාරින එකයි, පිස්සන්ගේ පැණි ප්‍රවර්ධන කරන එකයි නතර කරලා , විද්‍යාවට අනුව එන්නත්කරණයට අවශ්‍ය එන්නත් ඇනවුම් කරන්න කියලා සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේදීත් , ඉන් පිටතදීත් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය හැටියට දිගින් දිගටම කියා සිටියා. ඒ වෙලාවේ ආණ්ඩුවේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවට පවා මේ පැණි ගෙනල්ලා ප්‍රවර්ධනය කරන ගමන් විපක්ෂයට චෝදනා කලා දේශීය දේ අගයන්න දන්නෙ නෑ කියලා.

රජය වගකීම ගන්න ඕන නිසි වෙලාවට එන්නත් ඇණවුම් නොකර ප්‍රමාද කිරීම සම්බන්ධව. විදෙස් රටවල් මෙවැනි වසංගත වෙලාවල්වලදී එන්නත් ගන්න පොරකනකොට අපි නිසි ක්‍රියා පටියාපටි අනුගමනය කරලා එන්නත් ඇනවුම් කරන්න ඉක්මන් විය යුතු බව රජයට තේරුනේ නෑ. කරන එන්නත්කරණයත් නිසි සැලසුමකට අනුව වෙනවාද කියන එකත් ප්‍රශ්ණයක්. අවුරුදු 30 ට වැඩි අයට ප්‍රමුඛතාවය දෙන්න කලින් අවුරුදු 60ට වැඩි අයට ප්‍රමුඛතාවය දීලා තිබුනානම් මේ වන විට සිදු වුණු අවුරුද් 60ට වැඩි 80% පමණ මරණ වලක්වන්න තිබුණා. වෛද්‍යවරු කියන්නේ ඒ අය එන්නත් ලබා නොගත් අය බවයි. එන්නත් ලබා ගත්තේ නෑ නෙමෙයි, එන්නත් නොලැබුණු අයයි මේ. මේ මරණවල වගකීම තනිකරම ගන්න ඕන ආණ්ඩුව.

උදයංග වීරතුංග යුක්රේන සංචාරකයන් ගෙනාවේ මේක බෝ වෙනව ද කියලා ටෙස්ට් කරලා බලන්න කියලා බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කල නිසා ඒ පිලිබද වගකීම ද ආණ්ඩුව බාර ගත යුතුයි. උදඝෝෂණ, වැඩ වර්ජන නිසා වසංගතය පැතිරෙන බව ආණ්ඩුව කියනවා. ගුරු උද්ඝෝෂණය ඉවර වෙලා දවස් 16 ක් ගියා, ගුරුවරු කී දෙනෙක් ආසාදිත වෙලාද කියලා කව්රුත් කියන්නෙ නෑ. මොකද එහෙම වෙලා නෑ.

සියලු දෙනා මේ වෙලාවෙ එකට එකතුව මෙයට මුහුණ දිය යුතු බව අවිවාදයෙන් පිලිගන්නා නමුත් සිසිර ජයකොඩි හා ප්‍රසන්න රණතුංග මහත්වරුන්ගේ ලිපිවලින් හැගී යන්නේ පඩි කැපිල්ලකට බවත් ආණ්ඩුවට එසේ කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නෑ. වර්තමාන රජය පත්වෙලා මාසයක් යන්න කලින් ගජමිතුරන්ට බදු සහන ලබා දීම හේතුවෙන් රජයට මිලියන 800ක ආදායමක් අහිමි වුණා.

අනිත් පැත්තෙන් කොළඹ කොටස් වෙළදපොලේ ලැයිස්තුගත සමාගම් බොහොමයක් පෙන්නලා තියෙනවා ඉතිහාසයේ ලබපු ලොකුම ආදායම ඔවුන් ලැබුවා කියලා. ඉතින් ඒ අයට සේවක පඩි කපන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ ලාභයන් නැවත රට තුලම ආයෝජනය කරන්න පුළුවන්. වර්තමාන රජය බිලියන 800ක් පමණ මුදල් අච්චු ගහපු නිසා රට තුල උද්ධමනය වැඩි වෙලා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, එලවලු , පළතුරු හැමදේම මිල වැඩි වෙලා.

රාජ්‍ය සේවකයාගේ පඩිය යහපාලන රජයෙන් රු.10,000/-න් වැඩි කලාට පස්සේ තාම වැඩි වෙලා නෑ. ආදායම එතනමයි. වියදම එදාට වඩා දෙතුන් ගුණයකින් ඉහළ ගිහින්. ඒ නිසා ආණ්ඩුවට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ රජයේ සේවකයන්ගේ පඩි කපන්න. මැති ඇමතිවරුන්ගේ පඩි කපන්න. ඒකේ කිසි ප්‍රශ්ණයක් නෑ.

lankacnews

No comments

Ads Place