Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යකඩ මිල හිටු කියා නගී

  ඉදිකිරීම් සහ කර්මාන්ත සඳහා යොදා ගන්නා යකඩවල මිල දවසින් දවස ඉහළ දමමින් අධික මිල ගණන්වලට අලෙවි කරන තතත්වයක් රටේ පවතින බව ඉදිකිරීම් ක්ෂේත්‍රය...

 


ඉදිකිරීම් සහ කර්මාන්ත සඳහා යොදා ගන්නා යකඩවල මිල දවසින් දවස ඉහළ දමමින් අධික මිල ගණන්වලට අලෙවි කරන තතත්වයක් රටේ පවතින බව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිස් කියති.


කොළඹ ආමර්වීදිය ගල්වල කේන්ද්‍ර කරගනිම්න් මෙම යකඩ රටට බෙදාහරින වෙළෙඳ ආයතන පිහිටා ඇත. කොරෝනා වසංගතයට පෙර ලංකා මුදලින් රුපියල් 17000කට අලවි කළ යකඩ සීට් එකක මිල අද වන විට රුපියල් 50000 දක්වා ඉහළ ගොස් ඇති බවත් එය ව්‍යාපාරිකයන් කරන මාෆියාවක් බවත් කුඩා කර්මාන්තකරුවෝ පවසති.

මෙම යකඩ ඉංදියාව පකිස්තානය හා රටවල් කිහිපයකින් රටට ආනයනය කෙරේ. මේ වන විට ආනයනය යම් තරමකට සීමාවී ඇත. එය ප්‍රයෝජනයට ගනිමින් මෙම වෙළෙඳ ව්‍යාපාරිකයින් සියයට පන්සියයකට වඩා අධික ලාභයක් ලබමින් මෙම යකඩ මිල ඉහල දමා ඇති බව කුඩා කර්මාන්තකරුවෝ කියති.


මේ හේතුවෙන් කුඩා කර්මාන්ත විශාල සංඛ්‍යාවක් මේ වන විටත් වැසී ගොස් අවසන් බවත් දවසින් දවස ඉහළ දමන යකඩ මිල පාලනය කිරීම සඳහා රජය මෙතෙක් කිසිදු වැඩපිළිවලක් ගෙන නොමැති බවත් කුඩා කර්මාන්තකරුවෝ කියතිග මේ පිළිබඳව ඉතා කඩිනමින් රජය මැදිහත් විය යුතු බව ද ඔවූහු කියති.

devaina

No comments

Ads Place