Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාව ඇණවුම් කළ සයිනොෆාම් එන්නත් ප්‍රමාද වන ලකුණු

ශ්‍රී ලංකා රජය චීනයෙන් ඇණවුම් කර ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා මෙරටට ලැබෙන කාලසීමාව ප්‍රමාද වීමේ තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, චීනය නැවත වරක් කො...


ශ්‍රී ලංකා රජය චීනයෙන් ඇණවුම් කර ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා මෙරටට ලැබෙන කාලසීමාව ප්‍රමාද වීමේ තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, චීනය නැවත වරක් කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානමට ලක්වීමත් සමඟ එරට මේ වන විට පවතින තත්ත්වය හේතුවෙන්.


ඒ අනුව ඉදිරි දිනවල මෙරටට ලැබීමට නියමිතව තිබූ සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය අඩු විය හැකි බවටයි තොරතුරු වාර්තා වන්නේ. මීළඟ සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගය ලබන 22 වනදා හෝ 23 වනදා මෙරටට ලැබීමට නියමිත බවද වාර්තා වනවා.


මේ අතර තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 09 ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14 ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන සඳහායි.


ඒ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙලෙස කරුණු දැක්වුවා.

nethnews

No comments

Ads Place