Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවට සම්බන්ධ විවිධ පක්‍ෂ අතර පවතින මතගැටුම අහිතකරයි - ඇමති කෙහෙළිය

ආණ්ඩුවට සම්බන්ධ විවිධ පක්‍ෂ අතර පවතින මතගැටුම් දීර්ඝ කාලීනව පැවතිය හොත් එමගින් අහිතකර ප්‍රතිඵල ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්ව...


ආණ්ඩුවට සම්බන්ධ විවිධ පක්‍ෂ අතර පවතින මතගැටුම් දීර්ඝ කාලීනව පැවතිය හොත් එමගින් අහිතකර ප්‍රතිඵල ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. 


ඔහු කියාසිටියේ මෙම මතගැටුම් විශාල ප්‍රශ්න බවට පත්වීමට පෙර සාමුහිකව කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බවයි.


රට වසා දැමිය යුතු බවට අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර ඇතුළු පක්‍ෂ 10 ක නායකයින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ කතාබහක් මතුව තිබෙනවා. 


ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් අදාළ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනා කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම කඩ කර ඇති බවට චෝදනා කරමින් ඔවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ප්‍රකාශ කිරීමත් සමගයි.


ඊයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී ආණ්ඩුවේ පක්‍ෂ අතර ඇති වී තිබෙන ගැටළුව සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප්‍රශ්න කළා.


වරින්වර මතුවන මෙවැනි මතගැටුම් දීර්ඝ කාලිකව පැවතියහොත් එමගින් ආණ්ඩුවට එල්ල වන බලපෑම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.

nethnews

No comments

Ads Place