Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය පැවත්වීමට අවසර…

  ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික මංගල්ලය දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් මෙවරද පැවත්වීමට පියවර ගෙන ඇතැයි කෝවිලේ භාරකාර මණ්...


 ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික මංගල්ලය දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් මෙවරද පැවත්වීමට පියවර ගෙන ඇතැයි කෝවිලේ භාරකාර මණ්ඩලය පවසයි.

මේ අනුව වාර්ෂික මංගල්ලයේ සියලු දේව මෙහෙයන් එලඹෙන 13 වන සිකුරාදා ආරම්භ කෙරෙන අතර ඊට ප්‍රථමව සිදුකෙරෙන කොඩි එසවීමේ මංගල්ලය හා බැතිමතුන්ට වාර්ෂික මංගල්ලය දැනුම් දීමේ දේව මෙහෙයන් ආරම්භ කිරීම 04 දින සිදුවිය.

මෙවර නල්ලූර් කෝවිලේ සියලුම දේව මෙහෙයන් පූර්ණ සෞඛ්‍යාරකිෂිතව සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ පොලීසියේ පූර්ණ අධීක්ෂණයන් යටතේ ආරක්ෂිතව පැවත්වීමට යාපනය මහනගරසභාව විසින් පියවර ගෙන ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරෝධායන නීතීන් වලට අනුව දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගීවීමේ උපරිම සීමාව 100 ක් දක්වා සීමා කිරීමට සිදුවන බවටද යාපනය මහනගරසභාව විසින් බැතිමතුනට දැනුම් දී ඇත.

lankacnews

No comments

Ads Place