Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත් ගත් අය මියයාමේ අවදානම දශම බින්දුවටත් අඩුයි

  කොවිඞ් -19 වෛරසය මර්දනය සඳහා ලබාදෙන එන්නත් ලබාගත් පුද්ගලයින්ට වෛරසය ආසාදනයවූ විට මියයාමේ ඇති අවදානය දශමයකටත් වඩා අඩු ප‍්‍රතිශතයක් බව ශ‍්‍ර...

 


කොවිඞ් -19 වෛරසය මර්දනය සඳහා ලබාදෙන එන්නත් ලබාගත් පුද්ගලයින්ට වෛරසය ආසාදනයවූ විට මියයාමේ ඇති අවදානය දශමයකටත් වඩා අඩු ප‍්‍රතිශතයක් බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප‍්‍රතිශක්ති විද්‍යා සහ අණුක විද්‍යා ඒකකයේ මහාචාර්ය, නීලිකා මලවිගේ මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

ඒ අනුව මහාචාර්ය, නීලිකා මලවිගේ මහත්මිය ප‍්‍රකාශකර ඇත්තේ, සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින්ගේ කොවිඞ් මරණ අනුපාතය සියයට 0.46ක් තරම් අවම අගයක් ගෙන ඇති බවය.

ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබාගත් පුද්ගලයින්ගේ මරණ අනුපාතය සියයට 0.15 තරම් අගයක් වේ.

ඇස්ට‍්‍රාසෙනෙකා කොවිෂීල්ඞ් එන්නත ලබාගත් පුද්ගලයින් අතර මරණ අනුපාතය සියයට 0.03 ලෙස සටහන් වී තිබේ.

බහරේනයේ සිදුකළ පර්යේෂණයක් උපුටා දක්වමින් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මේ බව සඳහන් කර ඇත.

එක් සතියකදී පුද්ගලයින් ලක්ෂයක් අතුරින් ආසාදිතයින් බවට පත්වීමේ සංඛ්‍යාව 642ක් ලෙස එම වාර්තාවෙන් අනාවරණය වී ඇති අතර සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 350 දෙනෙකු තරම් අවම අගයක් ගන්නා බව අදළ පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ.


සයිනොෆාම් එන්නත ලබාගෙන ආසාදිතයින් බවට පත්වන 350 දෙනෙකු අතරින් මියයෑමේ ප‍්‍රවණතාව එක් පුද්ගලයකු ලෙස අනාවරණ වී ඇති බවද සඳහන්ය.


කෙසේවෙතත් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබාගත් පුද්ගලයින් අතරින් ආසාදිතයින් ලෙස වාර්තාවීමේ සංඛ්‍යාව පුද්ගලයින් ලක්ෂයකට 136 දෙනෙකු වන බව බහරේනය සිදුකළ එම පර්යේෂණයෙන් අනාවරණය වී ඇතැයිද ඇය සිය ට්විටර් ගඅනුමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

devaina

No comments

Ads Place