Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැබිනට් අනු කමිටුව සහ ගුරු විදුහල්පති වෘත්තීය සංගම් අතර සාකච්ඡා අවසන්…

  ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය...

 


ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට හැකි උපරිමයෙන්  කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ(19) ගුරු සංගම් සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ගුරු සංගම් තිහක් පමණ නියෝජනය කරන කණ්ඩායම් සමඟ පසුගිය දිනවල සාකච්ඡා පැවැත්වූ අනුකමිටුව  එම සාකච්ඡාවලදී ඉදිරිපත් වූ කරුණු පිළිබඳව මුදල් අමාත්‍යංශය සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

ගුරු  විදුහල්පති වැටුප් විෂමතාවයට නිවැරදි විසඳුම් ලබාදීමට  සැබෑ වුවමනාවක් රජයට ඇති බැවින් කමිටුව පත් කළ දින සිට කල් මැරීමකින් තොරව සෑම පාර්ශවයක් සමඟම සාකච්ඡා පැවැත්වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රශ්නයට විසඳුම් දීම වෙනුවට කල් මැරීම සඳහා මෙම  අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කළ බවට  සමහරු චෝදනා එල්ල කළ ආකාරය ද සිහිපත් කල  අමාත්‍යවරයා සඳහන් කළේ සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ කමිටුවේ කටයුතු අවසන් අදියරයට පැමිණීම එම චෝදනා එල්ල කළ අයට පිළිතුරක් වී ඇති බවයි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍යවරු හතර දෙනෙකුගෙන් යුක්ත මෙම  අමාත්‍ය මණ්ඩල අනු කමිටුව ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කෙරිණි. ඩලස් අලහප්පෙරුම , විමල් වීරවංශ, මහින්ද අමරවීර සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.

ගුරු විදුහල්පති ගැටලුව විසඳීම සඳහා මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කමිටුව සියලු තොරතුරු ලබා ගත් අතර සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පිළිගෙන ඇති ආකාරයට විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ධූරාවලිය තුළ  ගෞරවනීය වෘත්තිකයන් බවට පත්කිරීම පෙරදැරි කරගෙන ගුරු සංගම් සමග සාකච්ඡා කෙරුණු  බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම වැටුප් විෂමතාවය ඉවත් කළ යුතු බව රජය තරයේ විශ්වාස කරන අතර විපක්ෂයේ සිටින අවදියේ සිට ඒ සඳහා දිගින් දිගටම පෙනී සිටිය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ගැටලුව විසඳීම සඳහා  අවංක අවශ්‍යතාවයක් රජයට තිබෙන බැවින් රටේ පවතින වත්මන් තත්වය හමුවේ මෙම ගැටලුවට විසදුම් දීම සඳහා ක්‍රමවේදයක් සැකසීම   අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට පැවරුනු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

lankacnews

No comments

Ads Place