Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සොල්දාදුවෙකුට කළ නොහැකි කිසිවක් නෑ - ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න

සොල්දාදුවෙකු තමාට පැවරෙන ඕනෑම කාර්යයක් කිරීමට සූදානම් බැවින් ඔහුට කළ නොහැකි කිසිවක් නොමැති බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසනවා. විශ්...


සොල්දාදුවෙකු තමාට පැවරෙන ඕනෑම කාර්යයක් කිරීමට සූදානම් බැවින් ඔහුට කළ නොහැකි කිසිවක් නොමැති බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසනවා.


විශ්‍රාම යෑමට ආසන්නව සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ තම විෂයට බාහිර ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධ කර ගැනීමෙන් බාහිර ආයතනික ව්‍යූහය තුල රැකියා සඳහා සුදුසුකම් ලැබීමට ඔවුන්ට හැකි වන බවයි.   


මෙම නිලධාරීන් රටේ ඉතාමත් විනයගරුක සංවිධානයක සේවය කර ඇති බැවින් ඔවුන් පළපුරුද්දක් ඇති, දැනුමෙන් පරිපූර්ණ, දක්‍ෂ, විනයගරුක හා වෙහෙස මහන්සි වී වැඩ කරන පිරිසක් බවද ඔහු සඳහන් කළේය.  


ජෙනරල් ගුණරත්න මෙම අදහස් පළ කළේ බත්තරමුල්ල ‘වෝටර්ස් එජ්’ හෝටලයේ අද පැවති ‘M2C - Military to Corporate Entrepreneurship’ පාඨමාලාවෙහි 2 වන කණ්ඩායමේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වෙමිනි.


විශ්‍රාම ගැනීමට සිටින ත්‍රිවිධ හමුදා නිලධාරින්ගෙන් සමන්විත මෙම පාඨමාලාව සාර්ථකව නිමකල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 24 දෙනෙකු ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් සහතික ලබාගන්නා ලදි.


කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් සහ හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික), ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කරන බව ආරක්‍ෂක ලේකම්වරයා සිහිපත් කළා.

 

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ සහයෝගය ඇතිව ජෙනරල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම පාඨමාලාව මඟින් විශ්‍රාම යන යුද, නාවික හා ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ඉහල තනතුරු සඳහා සූදානම් කරනු ලැබේ.

 

මෙතෙක් පැවති අඩු පාඩුවක් මෙමගින් අවම කරගැනීමට හැකිවීම ආරක්‍ෂක ලේකම්වරයාගේ ඇගයීමට ලක්වූ අතර, එමගින් විශ්‍රාමික නිලධාරීන්ට එවැනි රැකියා අවස්ථා සඳහා නිපුණතා ඇති කරගැනීමට හැකියාව ලැබේ.


වර්ථමානයේදි අවිධිමත් ලෙස පවත්වාගෙන යනු ලබන විවිධ ආයතන පිළිබඳව සඳහන් කරමින් ඔහු කියා සිටියේ, තම සේවා කාලය තුලදී ඉතා විනයගරුක රාමුවක් තුළ දුෂ්කර, අභියෝගාත්මක කටයුතු සඳහා හැඩ ගැසුනු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඔවුන් සේවය කරන ඕනෑම ආයතනයක දියුණුව සඳහා ඔවුන්ගේ දැනුම, පළපුරුද්ද හා කුසලතාවයන් යෙදවීමේ ඉහල හැකියාවකින් යුතු බවයි.  


මෙම ක්‍රියාවලිය කළමනාකරණය කර ඉදිරියට ගෙන යාම සඳහා සහයෝගය දැක්වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු අනෙකුත් හවුල්කරුවන්, ක්‍ෂේත්‍රයේ දැවැන්තයින් සහ ව්‍යාපාරිකයින් ඇතුළු සියළු දෙනාටම ඔහු සිය ස්තූතිය පුද කළේය.


මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ, සමරු ඵලක සහ තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. 

nethnews

No comments

Ads Place