Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පස් දෙනෙකුට ස්ථානමාරුවීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පස් දෙනෙකු ස්ථානමාරු කර තිබෙනවා.  හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ රාජකාරී කළ ප්‍රධ...


වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පස් දෙනෙකු ස්ථානමාරු කර තිබෙනවා. 


හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස කුමාර සාමාන්‍ය රාජකාරී සඳහා කළුතර කොට්ඨාශය වෙත මාරුකර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. 


ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එම් එන් ප්‍රියන්ත ස්ථානමාරු කර ඇත්තේ යාපනය කොට්ඨාසයේ සිට මීගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙසයි. 


මහවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් සී එන් පෙරේරා  කැළණිය කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා ස්ථානමාරුකර තිබෙනවා.


වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඕ ඒ යූ ජයශාන්ත ස්ථානමාර කර ඇත්තේ ගම්පහ කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහායි. 


විල්ගමුව වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක   ජී ඩී පී නිශාන්ත කුමාර විල්ගමුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කර තිබෙනවා. 


මේ අතර හොරණ පොලිස් ස්ථානය සඳහා ස්ථීර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙක් සහ මහවෙල හා වැල්ලම්පිටිය පොලිස් ස්ථාන සඳහා ස්ථීර ස්ථානාධිපතිවරයෙක් පත් කරන තෙක් එම තනතුරේ වැඩ බැලීම සඳහා සුදුසු නිලධාරියෙක් පත් කරන ලෙස අදාල ජේ්‍ය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත පොලිස්පතිවරයා දන්වා ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

nethnews

No comments

Ads Place