Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල පුද්ගලයන්ට තෙවැනි එන්නත් මාත්‍රාවක්!

 ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල පුද්ගලයන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නතේ තෙවැනි මාත්‍රාවක් ලබාදීම සුදුසු බව ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖ...


 ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල පුද්ගලයන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නතේ තෙවැනි මාත්‍රාවක් ලබාදීම සුදුසු බව ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ ඒජන්සිය (FDA) නිර්දේශ කර තිබෙනවා. ඒ සඳහා ෆයිසර් හෝ මොඩර්නා එන්නත් භාවිතා කළයුතු බවයි එම ආයතනය සඳහන් කරන්නේ.


අවයව බද්ධ කිරීම වැනි, ප්‍රතිශක්තීකරණ පද්ධතියට බලපාන වෙනස්කම්වලට භාජනය වූ පුද්ගලයන්ට විශේෂයෙන්ම මෙම තෙවැනි මාත්‍රාව අදාල වන බවයි ආහර හා ඖෂධ ඒජන්සිය පවසන්නේ.


ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු නව කොවිඩ් ප්‍රභේද ගණනාවක් බිහිවීමත් සමග කොවිඩ් එන්නත් මාත්‍රා දෙකකට වැඩි ප්‍රමාණයක් ලබාදීම සම්බන්ධයෙන් රටවල් රැසක අවධානය යොමුව ඇති අතර ආණ්ඩුවේ බළධාරීන්ද පසුගියදා ප්‍රකාශ කළේ අවශ්‍ය වුවහොත් තෙවැනි මාත්‍රාවක් ලබාදීමටද සූදානම් බවයි. කෙසේ නමුත් මේ වනවිටත් එන්නත් මාත්‍රා දෙක සම්පූර්ණ කර ඇති ප්‍රමාණය මිලියන 04 ක් පමණි.

noizetv

No comments

Ads Place