Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පල්ලිවල සීනු හඩ නිවාසවල කළු කොඩි විරෝධතාවය අද

  පාස්කු ඉරු දින ප‍්‍රහාරයට වගකිවයුත්තන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රමාද කරවීමට විරෝධය දක්වමින් අද (21 දා) උදෑසන 8.45ට දිවයිනේ සියලූ දේව...

 


පාස්කු ඉරු දින ප‍්‍රහාරයට වගකිවයුත්තන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රමාද කරවීමට විරෝධය දක්වමින් අද (21 දා) උදෑසන 8.45ට දිවයිනේ සියලූ දේවස්ථානවල සීනු නාද කර උදෑසන 9.45 දක්වා යාඥා මෙහෙයන් පවත්වන ලෙස ද නිවෙස්වල කළු කොඩි ප‍්‍රදර්ශනය කරන්නැයි ද කතෝලික සභාව ඉල්ලා සිටියි.


මෙම විරෝධතාව සහ යාඥා මෙහෙය ජනතා සහභාගිත්වයෙන් තොරව සිදු කෙරෙනු ඇත.


එමෙන්ම අද (21 දා) රාතී‍්‍ර 7.00 සිට 8.00 දක්වා පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් නිවෙස්වල සිට යාඥා කිරීමටත් නිවෙස්වල සහ වෙළෙඳසල්වල කළු කොඩි ඔසවා විරෝධය පළ කරන ලෙසත් කතෝලික සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


වත්මන් රජය ජනතා ප‍්‍රශ්නවලට සංවේදී නොවීමේ සහ විද්වත් මතයට ඇහුම්කන් නොදීමේ සිය ආකල්පය වෙනස් කර නොගතහොත් පාස්කු ඉරු දින එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කිරීමට පමණක් නොව පවතින කොවිඞ් වසංගතය ආදී රටේ පවතින සෙසු ප‍්‍රශ්නවලට ද විසඳුම් සෙවීමට ද නොහැකි වනු ඇතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප‍්‍රකාශක සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමන් සඳහන් කර සිටියි.

devaina

No comments

Ads Place