Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගුරු ගැටලුව සඳුදා නොවිසඳුවොත් ‘ඔන්ලයින්’ එන්නේ නැහැ… ජෝෂප් ස්ටාලින්

 ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයේ ප‍්‍රශ්නය ලබන සඳුදා (30 වැනිදා* වන විට ඇමැති මණ්ඩල අනු කමිටුව විසින් නොවිසඳා කල් මරන්නේ නම් දරුවන්ට ඔන්ලයි...


 ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයේ ප‍්‍රශ්නය ලබන සඳුදා (30 වැනිදා* වන විට ඇමැති මණ්ඩල අනු කමිටුව විසින් නොවිසඳා කල් මරන්නේ නම් දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් තවදුරටත් ඉවත් වී වැඩ වර්ජනයේ නිරතවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා ‘දිවයින’ට ඉයේ (27 දා* පැවසීය.


දරුවන්ට දින 45කට අධික කාලයක් සිදුව ඇති මෙම අසාධාරණයට මුළුමනින්ම රජය වගකිවයුතු බව ද හෙතෙම කීය.


පෙරේදා (26 දා* අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී මේ පිළිබඳව සාකච්ඡුා කළ බව ද හෙතෙම කියා සිටියේය. මෙහිදී තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය. ‘‘අපි ඇමැති අනු කමිටුවෙන් පැහැදිලිවම ඉල්ලන්නේ 2018 යෝජනාව ක‍්‍රියාත්මක කරන්න කියලයි. නමුත් ඒකට පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැහැ. ඉල්ලීම් ටික ලබන සඳුදා වෙනකොට කැබිනට් අනු කමිටුව ක‍්‍රියාත්මක කළොත් එතැන් පටන් අපි දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු ආරම්භ කරනවා. එහෙම නැත්නම් මේ වැඩවර්ජනය අඛණ්ඩවම ක‍්‍රියාත්මක කරනවා. මේ ආණ්ඩුව මේ ගැටලුව විසඳන්නේ නැතිව දිගින් දිගටම කල් මරනවා.

devaina

No comments

Ads Place