Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොලිස් සැරයන්වරයෙකුට පහර දි තුවාල ගෙල බැදි රන් මාලය සොරාගෙන යයි…

  ගිනිගත්හේන පොලිසියේ රාජකාරි කරමින් සිට පසුගිය දා විශ්‍රාම ගිය සැරයන්වරයෙකුට නාවලපිටිය ප්‍රදේශයේදි කිසියම් පුද්ගලයෙකු උල් ආයුධයකින් අමානුෂි...

 


ගිනිගත්හේන පොලිසියේ රාජකාරි කරමින් සිට පසුගිය දා විශ්‍රාම ගිය සැරයන්වරයෙකුට නාවලපිටිය ප්‍රදේශයේදි කිසියම් පුද්ගලයෙකු උල් ආයුධයකින් අමානුෂික ලෙස පහර දි තුවාල සිදු කිරිම හේතුවෙන් එම සැරයන්වරයා මේ වන විට නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

පොලිස් සේවයේ වසර 33 ක් සේවය කර පසුගිය සතියේ විශ්‍රාම ලබාගත් ගිනිගත්හේන පොලිසියේ අවසන් වරට සේවය කල සැරයන් ඩබ්ලිව්.ඩි.ආරියපාල මහතා (22020) ගිනිගත්හේන නගරයේ පිහිටි ඔහුගේ වෙලදසැලේ සිට වෙලදසැලේ භාණ්ඩ මිල දි ගත් පාරිභෝගිකයෙකු සමග ත්‍රිරෝද රථයෙන් නාවලපිටිය හදුන්ගල ප්‍රදේශයට (03) දින රාත්‍රි 11 ට පමණ ප්‍රවාහනය කරන අවස්තාවේ හදුන්ගල ප්‍රධාන මාර්ගය හරහා නතර කර තිබු මොටර් රථයක අධික ලෙස බිමිත්ව සිටි මොටර් රථයේ අයිතිකරු විසින් උල් ආයුධයකින් තමන්ට පහර දි තම ත්‍රිරෝද රථයටද අලාභ හානි සිදු කර තම ගෙල බැදි රැ ලක්ෂ 2.50 පමණ වටිනා රන් මාලය පැහැරගෙන ගිය බවට එම සැරයන්වරයා විසින් නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

පහරකැමට ලක් වු සැරයන්වරයා පහරදුන්නේ යැයි කියන පුද්ගලයාගෙන් මිදි ගිනිගත්හේන නගරයේ පිහිටි තම වෙලදසැල වෙත යන අවස්තාවේ පහරදුන් පුද්ගලයා ඔහුගේ මොටර් රථයෙන් තමන්ව ලුහු බැද පැමිණි බවද සැරයන්වරයා විසින් නාවලපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් කර ඇත.

දැඩි අසාධ්‍ය තත්ත්වයේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන සැරයන්වරයා පවසන්නේ තමන්ට පහරදුන් පුද්ගලයා හදුනාගත් බවත්, ඒ පිලිබදව නාවලපිටිය පොලිසියට පැමිණි කරද නාවලපිටිය පොලිසිය විසින් පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනිමට කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් අප නාවලපිටිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා මේ වන විට විශේෂ වැඩපිලිවෙලක් යොදා ඇති බවයි.

lankacnews

No comments

Ads Place