Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලිට්‍රෝ ගෑසුත් ගණන් උස්සන්න ඉල්ලයි ඉඩ නොදුන්නොත් නඩුදායි

 ලාෆ් සමාගමේ ගෑස් සිලින්ඩරයක මිල වැඩි වීමට සමානව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීමට ලිට්‍රෝ සමාගම විසින් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි පාරිභ...


 ලාෆ් සමාගමේ ගෑස් සිලින්ඩරයක මිල වැඩි වීමට සමානව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීමට ලිට්‍රෝ සමාගම විසින් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා ‘දිවයින’ ට ඊයේ (19 දා* පැවසීය.


 මේ අනුව තව දින කිහිපයකින් ලාෆ් ගෑස් සිලින්ඩරයක මිලට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ද වැඩි කිරීමට අවසර ලබා දීමට සිදුවන බව ද ඒ මහතා කීය.


 ලිට්‍රෝ ගෑස් සමාගම ඉල්ලා ඇති අවසර ලබා නොදීමට අධිකාරිය කටයුතු කළහොත් ඔවුන්ට පාරිභෝගික අධිකාරියට එරෙහිව අධිකරණය වෙත යෑමට හැකියාව පවතින බව ද ගුණවර්ධන මහතා කීය.


 ගෑස් ඒකාධිකාරිය සමාගම් දෙකක් අතර පවතින නිසා එක් සමාගමක ගෑස් වැඩිවීමක් සිදු කළහොත් අනෙක් සමාගමට ද එම පහසුකම ලබා දීමට පාරිභෝගික අධිකාරිය බැඳී සිටින බව ද ගුණවර්ධන මහතා කීය.


 මේ අනුව කිලෝග‍්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ද, කිලෝග‍්‍රෑම් 5 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය රුපියල් 145 කින් ද ඉහළ යෑමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

devaina

No comments

Ads Place