Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බෝ නොවන රෝගවලින් පෙලෙන පුද්ගලයින්ට විශේෂ දැනුම් දීමක්

දියවැඩියාව සහ බෝ නොවන රෝග වලින් පෙලෙන සියලු දෙනා කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමට ඉක්මනින් පියවර ගත යුතු බව කොළඹ වෛද්‍ය පිඨයේ මහාචාර්ය දියවැඩිය...


දියවැඩියාව සහ බෝ නොවන රෝග වලින් පෙලෙන සියලු දෙනා කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමට ඉක්මනින් පියවර ගත යුතු බව කොළඹ වෛද්‍ය පිඨයේ මහාචාර්ය දියවැඩියාව සහ අන්තරාසර්ග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද ප්‍රකාශ කර සිටිනවා.


රටපුරා කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තාවීම ඉහළ අගයක් ගෙන ඇති පසුබිමක මේ සම්බන්ධයෙන් දියවැඩියාව සහ බෝනොවන රෝගවලින් පෙලෙන පුද්ගලයින්ට වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා එන්නත ලබා ගැනීම ඉතා සුදුසු පියවරක් බවයි ඔහු පෙන්වා දුන්නේ.


" ඇතැම් පුද්ගලයින් අපෙන් අසා සිටිනවා තමන් දියවැඩියා රෝගයෙන් පෙලීම හේතුවෙන් ඉන්සියුලින් එන්නත් කරගැනීම නිසා කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම සුදුසු ද කියලා. නමුත් පැහදිලිවම කියන්න අවශ්‍යයි ඉන්සියුලින් එන්නත් ලබා ගැනීම සහ කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම නිසා කිසිදු ගැටලුවක් නැහැ. 


ඒ වගේම දියවැඩියා රෝගීයෙකු නිවසේ සිටිනවානම් ඔහුගේ පවුලේ අයට අමතර වගකීමක් තිබෙනවා. ඒ ඔවුන් හරහා වෛරසය ව්‍යාප්ත නොවී තබා ගැනීම. දියවැඩියා රෝගීන් ඖෂධ මිලදී ගැනීමට හෝ වෙනත් කර්තව්‍යයන් වෙනුවෙන් නිවසින් බැහැරව යාමට ඉඩ නොදී එම අවශ්‍යතාවයන් සපුරා දීමට පියවර ගැනීම සුදුසුයි. දියවැඩියා රෝගීන්ට කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ජිවිත හානි සිදුවීමේ වැඩි ඉඩක් තිබෙනවා" යැයි කොළඹ වෛද්‍ය පිඨයේ මහාචාර්ය දියවැඩියාව සහ අන්තරාසර්ග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද ප්‍රකාශ කර සිටියේ.


මේ අතර දිවයින පුරා නිවෙස් 500ක් ආශ්‍රිතව සිදුකළ සමීක්ෂණයකින් වැඩි පිරිසක් කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වන බවට හෙළිවූ බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර සිටියේ.

nethnews

No comments

Ads Place