Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිරිබත්ගොඩ තවත් සීනි ගබඩාවක්

 හුණුපිටිය අලූත්පාරේ පවත්වාගෙන ගිය පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි වී නොමැති ගබඩාවක් කිරිබත්ගොඩ පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (30දා) වැටලූ...


 හුණුපිටිය අලූත්පාරේ පවත්වාගෙන ගිය පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි වී නොමැති ගබඩාවක් කිරිබත්ගොඩ පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (30දා) වැටලූ පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත‍්‍රික් වැටලීම් ඒකකයේ නිලධාරීන් සහ කිරිබත්ගොඩ පොලිසිය එම ගබඩාවේ තිබී සුදු සීනි මෙටි‍්‍රක් ටොන් 800ක් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම සීනි තොගය මීට මාසයකට පමණ ඉහතදී මෙහි ගබඩා කර තිබේ. එම ස්ථානයේ මුරකරු ලෙස සිටි පුද්ගලයාගෙන් කරුණු විමසූ විට තමා මෙහි සේවයට පැමිණ දින විස්සක් පමණ වන බවත්, එම කාලය තුළ ගබඩාවට සීනි ඇසුරුම් රැුගෙන ඒමක් හෝ ගබඩාවෙන් පිටතට සීනි ගෙන යෑමක් හෝ සිදු නොවුණු බව පවසා ඇත.


ගබඩාව භාර කළමනාකරුද එහි සිට ඇති අතර සීනි තොගයේ භාරකරු එහි සිට නැත. ව්‍යාපාරයේ සහ ගබඩාවේ සියලූම ලිපිලේඛන රැුගෙන අද (31 දා) පාරිභෝගික සේවා අධිකාරියේ කොළඹ ප‍්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන ලෙස ඔවුන්ට දැනුම් දුන් ගම්පහ දිස්ත‍්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අංශය සීනි මෙටි‍්‍රක් ටොන් 800 සහිත ගබඩාවට මුද්‍රා තබා ඇත.


කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රදීප් කුමාර මහතා ඇතුළු බුද්ධි අංශ නිලධාරීහු සහ පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත‍්‍රික් වැටලීම් ඒකකයේ නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීමට එක්වූහ.


ගම්පහ දිස්ත‍්‍රික් වැටලීම් අංශ ප‍්‍රධානී රංජිත් වීරවර්ධන මහතා ඇතුළු නිලධාරීන් විසින් සීනි ගබඩාව පරීක්ෂා කර එයට මුද්‍රා තැබීමට පියවර ගෙන ඇත.

devaina

No comments

Ads Place