Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා රට පුරා පැතිරුවේ විපක්‍ෂයයි..

  කොරෝනා තුන්වෙනිදා රැල්ල රට පුරා ව්‍යාප්ත කළේ විපක්ෂය බවත් විපක්ෂයට හිතවාදී වෘත්තී සමිති රටපුරා උද්ඝෝෂණය කරමින් වෛරසය පැතිර වීමට වටපිටාව සක...

 


කොරෝනා තුන්වෙනිදා රැල්ල රට පුරා ව්‍යාප්ත කළේ විපක්ෂය බවත් විපක්ෂයට හිතවාදී වෘත්තී සමිති රටපුරා උද්ඝෝෂණය කරමින් වෛරසය පැතිර වීමට වටපිටාව සකස් කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්ත කර රට වසන තත්ත්වයට පත් කරමින් විපක්ෂය දැන් රට වැසීමට බල කරන බවද මන්ත්‍රීවරයා කියා පැවසීය.

විපක්ෂය කියන හැමදේම පිළිගැනීමට රජය සූදානම් නැති බවත් විපක්ෂය කියන දේ කරන්න ආණ්ඩුවක් අවශ්‍ය නැති බවත් ඔහු කියා සිටී.

ඔහු මේ බව සඳහන් කළ තලංගම ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.

අද වන විට මෙරට කොරෝනා මර්ධන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව 11,700,000 ඉක්මවන බවත් මාත්‍රා දෙකම ලබාගත් ගණන ලක්ෂ 40 ඉක්මවා ඇති බවත් පැවසූ ඔහු ආණ්ඩුව අසමත් නැති බව විපක්ෂය අසමත් වී ඇති බවත් තව දුරටත් කියා සිටියේය.

lankacnews

No comments

Ads Place