Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ක්‍රෙඩිට් කාඞ්වලින් ඩොලර් ගනුදෙනු තහංචියක්

 ශ‍්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඞ් සහ බැංකු කාඞ් භාවිත කොට අන්තර්ජාලය හරහා ඩොලර් මගින් ගෙවීම් කිරීම පෙරේදා (18 දා* සිට සීමාකර ඇතැයි ශ‍්‍රී ලාංකික...


 ශ‍්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඞ් සහ බැංකු කාඞ් භාවිත කොට අන්තර්ජාලය හරහා ඩොලර් මගින් ගෙවීම් කිරීම පෙරේදා (18 දා* සිට සීමාකර ඇතැයි ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ සහ එම ක්‍ෂේත‍්‍රයේ ගනුදෙනුකරුවෝ කියති.


 විදේශගතව සිටිමින් ශ‍්‍රී ලාංකික කාඞ්පත් භාවිතා කරන විශාල පිරිසක් ද මේ නිසා දැඩි අපහසුතාවට පත්ව දෛනික වැඩකටයුතු සිදුකිරීමේ හැකියාව ද ඇනහිට ඇතැයි ඔවුහු පවසති.


 ශ‍්‍රී ලංකාවේ සිට අන්තර්ජාලය හරහා ව්‍යාපාර කරන පිරිස ද මේ නිසා දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර ඊබේ, ෆේස්බුක් ව්‍යාපාර ප‍්‍රවර්ධන වැඩසටහන් ආදී සියල්ලම නතර කිරීමට මේ නිසා සිදුවන බව ද ඔවුහු කියා සිටිති.


 මෙම ගැටලූව සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකික ගනුදෙනුකරුවන් බැංකුවලින් විමසූ අවස්ථාවල ඔවුන් කියා සිටින්නේ ශ‍්‍රී ලංකාවේ ඩොලර් සංචිත ඉතා අඩු මට්ටමක පවතින නිසා ඩොලර් විදේශයන්ට ඇදීයෑම නතර කිරීම සඳහා මෙම පියවර ගත් බව යැයි ද ගනුදෙනුකරුවෝ කියති. වෙනත් විකල්ප ක‍්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ශ‍්‍රී ලාංකික බැංකු තම ගනුදෙනුකරුවන්ට උපදෙස් දී ඇතත් එම විකල්ප මොනවාදැයි සඳහන් කර නැති බව ද එම ගනුදෙනුකරුවෝ වැඩිදුරටත් කියා සිටිති.

devaina

No comments

Ads Place