Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට පුරා ඩෙල්ටා වේගයෙන් පැතිරෙමින්.. ඉන්දියාව, ඉන්දුනීසියා තත්වයට වේගයෙන්.. වහාම දැඩි සංචරණ පනවන්න කියයි…

  අපි ඉන්දියාවේ ,ඉන්දුනීසියාවේ තිබූ තත්ත්වයට මේ වන විට ලගා වෙමින් පවතින අතර වර්තමානයේ කොරෝනා වසංගතයට ජනතාව සහ රජය සම සමව වගකිව යුතු බවත් ඉදි...

 


අපි ඉන්දියාවේ ,ඉන්දුනීසියාවේ තිබූ තත්ත්වයට මේ වන විට ලගා වෙමින් පවතින අතර වර්තමානයේ කොරෝනා වසංගතයට ජනතාව සහ රජය සම සමව වගකිව යුතු බවත් ඉදිරියේ දී උද්ගත වී තිබෙන තත්ත්වය පාලනය කිරීම සඳහා දෙපාර්ශ්වයම වගකීමෙන් යුතුව කටයුතු නොකොළොත් ඉතිහාසයේ කිසිදු දිනයක නොවු ව්‍යසනයකින් පිඩාවට පත් විමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු උපුල් රෝහන මහතා…..

විශේෂයෙන් මේ මොහොත වෙද්දි ලංකාවේ බොහෝ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා. ප්‍රතිකාරක මධ්‍යස්ථානය වල ඇඳන් අවසන් වී තියෙනවා. එනිසා වාර්තාවන විශාල රෝගීන් සංඛ්‍යාවක් අපිට පහසුකම් නොමැතිව තැබීමට සිදු වී තිබෙනවා. ඉදිරි දින කීපය තුළ රෝගීන් නිවෙස්වල රඳවාගෙන අවශ්‍ය සත්කාර ලබා දීමට සූදානම් වෙමින් පවතින තත්වත්වයක් ඇතිවෙලා තියෙනවා. ඉදිරි දින කීපය තුළ අපි පාලනය කර ගත්තෙ නැත්තං රට ඉතාමත් අවාසනාවන්ත තත්වයකට පත්වෙනවා. සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහී යන අවදානමක් මේ වෙනකොට පවතිනවා. මේ වන විට ගම්පහ, කොළඹ, කළුතර දිස්ත්‍රික්ක වල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සේවා සැපයීමට නොහැකි තරම් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා.

දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ඒ වගේම තමයි දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාවක් දිනෙන් දින ඉහළ යමින් තියෙනවා. සියයට ඉතාමත් ආසන්න සංඛ්‍යාවක් වාර්තාවෙනවා. මේ පවතින තත්ත්වය අනුව අපිට හිතන්න පුළුවන් මේ කොවිඩ් -19 තත්ත්වය ඉතා සීග්‍රයෙන් බිම් මට්ටමින් පැතිර යනවා කියලා. මේ පැතිරීම අනුව අපට අනුමාන කරන්න පුළුවන් ඩෙල්ටා ප්‍රභේදය මෙසේ පැතිරෙන්නේ කියලා. ඒ වගේම දැනට තියෙන තත්ත්වය තව දින කීපයක් ඉදිරියට ගියොත් රෝහල් පද්ධතිය සහ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉතාම ඉක්මනින් ඉක්මවා යනවා. එය ඉක්මවා ගියාට පස්සෙ ලංකාවේ ඉක්මනින්ම මරණ වාර්තා වෙයි. ඒ වගේම මෙය අපේ පාලනයෙන් ගිලිහී යයි කියලා අපි අවධානය යොමු කරනවා. මේ තත්ත්වය හමුවේ රජයට පමණක් මහජනතාවට පමණක් ඇඟිල්ල දික් කරන්න බෑ. කෙසේ හෝ මෙම තත්ත්වය සම්බන්ධව කඩිනම් තීරණ ගැනීමට රජයට සහ සෞඛ්‍ය බලධාරීන්ට පැවරෙනවා.

රට තුළ සංචාරණ සීමා ලිහිල් කරන අවස්ථාවේ අපි තමයි මුලින්ම කිව්වේ මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා.ජුනි මාසයේ වාර්තා වන රෝගීන් නිරීක්ෂණය කරලා අපි තවදුරටත් ඒ මතයේ ඉන්නවා. සම්පූර්ණයෙන්ම රට විවෘත කරපුවහම මහජනතාවගේ හැසිරීම් අපි මේ දිනවල.නිරීක්ෂණය කරනවා. ඒ නිසා දැනට පවතින රෝගීන්ගේ වැඩිවීමේ ප්‍රතිශත මේ රේඛාව ආපහු හරවා ගන්ඩ නම් අපි දැඩි සංචාරණ සීමාවලට යන්න ඕන. ඒ ගිහිල්ලා තමයි අපි නැවත වරක් ආපසු හරවා ගත යුත්තේ. එහෙම නැති වුණොත් අපේ රෝහල් පද්ධතියට දරාගත නොහැකි තරම් රෝගීන් වාර්තා වෙනවා. ඒ වගේම බිම් මට්ටමේ සිටින රෝග නිවාරණය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දරාගත නොහැකි විදිහට රෝගීන් නිවෙස් තුළ රැදී සිටිනවා. ඒ වගේම අවාසනාවන්ත මරණ විශාල සංඛ්‍යාවක් වාර්තා වන මොහොතක අතපසු කරන්න බැරි මොහොතක්. මේ මොහොතේ අපි රටේ දැඩි සංචාරණ සීමාවලට යා යුතුව තිබෙනවා.

මේ කාලය තුළ තමයි තමන්ගෙ ජීවිතය සහ තමන්ගේ සමීපතයන්ගෙ ජීවිත ආරක්ෂා කර ගැනීමට කළ හැකි එ‍කම සහ හොදම දෙය තවදුරට නිවෙස් තුළ රැඳී ඉන්න එක, ඒ වගේම සෞඛ්‍ය උපදෙස් ඉතා දැඩිව පිළිපදින එක, අනවශ්‍ය උත්සව සංවිධානය කිරීමෙන් වැළකිලා ඉන්න එක, ඒව වගේම අනවශ්‍ය මහජන ඒකරාශි වීම් තිබෙන ස්ථාන වල ගැවසී නොසිටීම, එසේම යම් රෝගී තත්ත්වයක පසු නවනවා නම් හැකිතාක් ඉක්මණින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දීමට කටයුතු කිරීම, මේ ටික සැලකිල්ලට ගෙන කටයුතු කළොත් අපිට යම් තාක් දුරට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අඩු කරගන්න, මරණ සංඛ්‍යාව ද අඩු කරගන්න හැකි වෙනවා යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

lankacnews

No comments

Ads Place