Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය පනත් කෙටුම්පත ලබන සිකුරාදා විවාදයට නොගැනේ

  කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය පනත් කෙටුම්පත ලබන සිකුරාදා විවාදයට නොගන්නා බව අමාත්‍ය චමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, හි...

 


කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය පනත් කෙටුම්පත ලබන සිකුරාදා විවාදයට නොගන්නා බව අමාත්‍ය චමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.


ඒ, හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.


කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ඉකුත් ජුලි මස 08 වනදා පැවැති අතර දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය ලබන සිකුරාදා පැවැත්වීමටයි ආණ්ඩු පක්ෂය මීට පෙර සැලසුම් කර තිබුණේ.


මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණු අවස්ථාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙලෙස කරුණු පැහැදිළි කළා.


වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.


මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණ සභා ගර්භයේ අසුන් ගෙන එහි කටයුතුවලට සවන් දුන්නා.


සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය මේවනවිට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

nethnews

No comments

Ads Place