Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැංකුවල ඩොලර් අනුපාත තවත් ඉහළට

  මෙතෙක් කලක් ශ‍්‍රී ලංකා මහ බැංකුව නියම කළ විනිමය අනුපාත මත ක‍්‍රියාත්මක වූ ශ‍්‍රී ලංකාවේ පුද්ගලික වාණිජ බැංකු මෑතක සිට සිට තම විනිමය අනුපා...

 


මෙතෙක් කලක් ශ‍්‍රී ලංකා මහ බැංකුව නියම කළ විනිමය අනුපාත මත ක‍්‍රියාත්මක වූ ශ‍්‍රී ලංකාවේ පුද්ගලික වාණිජ බැංකු මෑතක සිට සිට තම විනිමය අනුපාත අගයන් ඩොලරයකට රු. 211 ක් පමණ දක්වා සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇතැයි මූල්‍ය වෙළෙදපොළ ආරංචි මාර්ග හෙළි කරයි.


ඇමෙරිකානු . ඩොලරයට සාපේක්ෂව ඇති ඉහළ ඉල්ලූම හා දේශීය මූල්‍ය වෙළෙදපොළේ ඇති අඩු සැපයුම හේතුවෙන් බැංකු නොවන වෙළෙදපොළේ ඩොලරයට ඇති රුපියල් මිල ඉහළ ගොස් මේ වන විටත් කලූකඩ මිලක් නිර්මාණය වී තිබේ.

එසේ තිබියදී මෙතෙක් කලක් වාණිජ බැංකු ශ‍්‍රී ලංකා මහ බැංකුව නියම කළ පාලිත විනිමය අනුපාත මත බොහෝ දුරට දුෂ්කරතා මධ්‍යයේ වුවත් ගනුදෙනු සිදු කළ ද මෑතක සිට ඩොලර් සදහා වෙළෙදපොළ ඉල්ලූම මත ඩොලරයේ මිල නියම කිරීමට අනුගත වී ඇතැයි පෙනී යන බව ද වාර්තා වේ.

devaina

No comments

Ads Place