Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනගහන අනුපාතය අනුව ලංකාව ඉන්නේ කොවිඞ් මරණවලින් මුල්තැන… සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පළපුරුදු දක්ෂ නිලධාරීන් මාරු කර යවා රටම භයානක කොවිඞ් තත්ත්වයකට පත්කරලා

 සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පළපුරුදු දක්ෂ නිලධාරීන් මාරු කර යවා, මුළු රටම භයානක කොවිඞ් තත්ත්වයකට පත්කර ඇතැයි හිටපු ඇමැති, එජාප සභාපති වජිර අබේවර්ධන ...


 සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පළපුරුදු දක්ෂ නිලධාරීන් මාරු කර යවා, මුළු රටම භයානක කොවිඞ් තත්ත්වයකට පත්කර ඇතැයි හිටපු ඇමැති, එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.


ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.


වර්තමානයේ රට පත්වෙලා තිබෙන තත්ත්වය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළා. අපි පක්ෂයක් හැටියට දිගින් දිගටම මේ කරුණු ඉදිරිපත් කළා. ඒවාට ඇහුම්කන් නොදී ක‍්‍රියා කළ නිසා අද මහජන ජීවිත විශාල වශයෙන් බිලි ගන්නා තත්ත්වයට පත්වෙලා තිබෙනවා. පළමුවෙන්ම අවබෝධ කරගත යුතුයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ කුමක්ද කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන අමාත්‍යාංශ වගේ හසුරුවන්න බැහැ. පළපුරුදු දක්ෂ නිලධාරීන්, කාලයක් තිස්සේ වැඩ කරන අය, ඒ ඒ ආයතන පිළිබඳ, ඒ ඒ ප‍්‍රදේශ පිළිබඳ අත්දැකීම ඉතා වැදගත්. අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂඨම පළපුරුදු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හැටියට කටයුතු කරපු විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා රෝග නිවාරණ අංශයේ හොඳ පළපුරුද්දක් තිබුණු අයෙක්. ඔහුව ගවයින් බලාගන්න අමාත්‍යාංශයකට යොමු කළා. විශේෂඥ වෛද්‍යවරු විශාල ප‍්‍රමාණයක් මේ ආකාරයට මාරු කළා. අනිල් ජාසිංහ මහත්මයා, ජයවරුවන් බණ්ඩාර මහත්මයා, විශේෂයෙන් මුලදීම ඡුක්‍ඍ වලට හොඳ පළපුරුද්දක් සහ දැනුමකින් වැඩ කළ අය. පබා පළිහවඩන මහත්මිය ලංකාවේ හිටපු හොඳ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරියක්. ඇයට හිරිහැර කළා. එතුමිය ලෝක සෞඛ්‍ය සංවිධානයට ගත්තා.


සුදත් සමරවීර විශේෂඥයා ඉතා හොඳ වැඩ කොටසක් කරමින් හිටියා. ඔහුට වසංගත රෝග පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. එතුමා එතනින් වෙන තැනකට දැම්මා. ඖෂධ නියාමන අධිකාරිය අවශ්‍ය පරිදි අනුමැතියන් ලබා ගැනීමට නොහැකි නිසා මහාචාර්ය අසිත ද සිල්වා මහත්මයා ඉල්ලා අස් වුණා. පාලිත අබේකෝන් මහත්මයා අයින් කළා. කොවිඞ් මර්දන ඒකකය දැන් පුළුවන් කොහේ හරි තුන්මං හන්දියක පවත්වන්න. ඒ තරම් පළපුරුදු දක්ෂ විශාල පිරිසක් එළියට දැම්මා. පළාත් වලත් දේශපාලඥයන් මේ දේම සිද්ධ කළා. පළාත්වල ඒ පළාත් පිළිබඳ දැනුම පළපුරුද්ද තිබෙන අය මාරු කරලා යවලා කනිෂ්ඨ නිලධාරීන් මේ තැන්වලට පත් කරලා මුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේම මේ මාස කිහිපය තුළ විශාල අවුලක් නිර්මාණය කළා.


ලංකාව අසියාවෙත්, ලෝකයෙත් වසංගත රෝග පාලනයට ඉතාම දක්ෂ රටක් හැටියටයි ප‍්‍රසිද්ධ වෙලා තිබුණේ. ලංකාවේ රෝහල් 1060 ක් තිබෙනවා. ඇඳන් 78,000ක් තිබෙනවා. පෞද්ගලික රෝහල් 200 ක් පමණ තිබෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල


360 ක් තිබෙනවා. වෛද්‍යවරුන් 22,000 ක් පමණ සිටිනවා. හෙද හෙදියන් 45,000 ක් පමණ ඉන්නවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,500 ක් පමණ ඉන්නවා. පවුල් සෞඛ්‍ය සේවිකාවන් 10,800 පමණ ඉන්නවා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඉන්නවා මනා පළපුරුදු අත්දැකීම් අඩු වැඩි වශයෙන් අය සෞඛ්‍ය සේවකයන් එක්ලක්ෂ පනස් දාහක් (150,000* ක් ඉන්නවා.


මෙයින් ලක්ෂයකට පමණ පුහුණුව තියෙනවා එන්නතක් ලබා දෙන අකාරය පිළිබඳ. එක එක්කෙනාට හිතෙන පරිදි එන්නත්කරණය සිදු කරන්න බැහැ. ඒකට ලෝකයේ තිබෙනවා පිළිගත් සම්ප‍්‍රදායක්. වෛද්‍යවරුන්ට, හෙදියන්ට, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට, පී.එච්.අයි. මහත්වරුන්ට සහ ඒ සඳහා පුහුණුව ලබපු අයට මේ එන්නත්කරණය කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. දැන් බලන්න, මේ ලක්ෂයම එන්නත්කරණයට සහභාගි වුණා නම් දවසකට එක්කෙනෙක් 3000 ක් එන්නත්කරණය කළත් විශාල පිරිසකට එන්නත ලබා දෙන්න පුළුවන්. නියමිත වෙලාවට එන්නත් ගෙන්වා ගත්තෙ නැහැ. එන්නත් ලබා ගත්තට ඒ මොහොතේම ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. අපි දේශපාලඥයෝ අපි දන්නෙ නැහැ, විශේෂඥයෝ කියන පරිදි ඒක අරගෙන මාසයක් විතර ගියාම තමයි ඒකෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ. මැතිවරණයකට වගේ පෝළිං කරලා එන්නත් ලබා දෙනවා. කනගාටුදායකයි මේ වගේ තත්ත්වයකට පත්වීම පිළිබඳව.


සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ අවුරුද්දක් ඇතුළත ලේකම්වරු කීදෙනෙක් මාරු කළාද? වසන්ත පෙරේරා මහත්මයා ලේකම් හැටියට කටයුතු කළා. භද්‍රානි ජයවර්ධන මහත්මිය ලේකම් හැටියට කටයුතු කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉතිහාසයේ වෛද්‍ය ජෝ පෙරේරා වගේ අය අවුරුදු දහය, දොළහ එක දිගට ඒ අමාත්‍යාංශයේ මනා අත්දැකීමක් ඇතිවයි වැඩ කළේ. ඉතාමත් කනගාටුදායක තැනකට මුළු සෞඛ්‍ය අමාත්‍යාංශයම අරගෙන ගියා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේත් ප‍්‍රකාශ කළේ ඒකයි එදා සෞඛ්‍ය අංශය ශක්තිමක් කරන්න කියලා. දැන් ඒ නිසා තමයි මහජනතාවට ජීවිත වලින් වන්දි ගෙවන්න වෙලා තිබෙන්නේ. දැන් අන්තිම භයානක තැනකට රට පත් වී තිබෙනවා. ඒ නිසා තමයි රනිල් වික‍්‍රමසිංහ අපේ හිටපු අගමැතිතුමා කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ විශේෂයෙන්ම වෙනම කමිටුවක් පිහිටුවිය යුතුයි කියලා. අද එවැනි කමිටුවක් නැත්තෙ ලංකාවෙ විතරයි. අනිත් හැම රටකම එවැනි කමිටුවක් තිබෙනවා. වෛද්‍ය විශේෂඥයන් එකතුකරගෙන රජය වහාම එම කමිටුව ස්ථාපනය කළ යුතුව තිබෙනවා. එමෙන්ම අද කොරෝනා මර්දන කමිටුව ක‍්‍රියාත්මක වන නමුත් ඒ සඳහා නීතියෙන් බලයක් නැහැ. ඔවුන් වැඩ කරන්නේ නීතියෙන් පිට. ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාව යටතේ ආණ්ඩුව ගෙන යන්න බලතල තිබෙන්නේ කැබිනට් මණ්ඩලයටයි. ඒ බලතල නැවත වෙන කමිටුවලට දෙන්න බැහැ. ඊට අමතරව නීතියෙන් ආපදා කළමනාකරණ මණ්ඩල ඇති කරලා තිබෙනවා. එහි විපක්ෂ නායකවරයෙක් ඉන්නවා. එය ක‍්‍රියාත්මක කළ හැකියි මේ අර්බුදයෙන් ගොඩ එන්න. පිළිතුර සෑදිය හැක්කේ මේ මාර්ගයෙන් පමණයි.


ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික‍්‍රමසිංහ මහත්මයා මාස ගණනාවක සිටම හැම කමිටුවකදීම අපිට උපදෙස් දුන්නේ මේ වෙලාවේ අපි මේ ක‍්‍රියාදාමයට විරුද්ධයි. මේ කරන වැඩපිළිවෙල වැරදියි. හැබැයි අපි පාරට බැහැලා පිකටින් කරන්න යන්න හොඳ නැහැ. එහෙම වුණොත් මේ රටේ ජනතාව අපට දොස් කියයි අපිත් කොවිඞ් බෝ කරන්න කොටස්කරුවෝ වුණා කියලා. මේ තත්ත්වය ඇතිවෙන බව අපේ නායකතුමා දැනගෙන හිටියා. ආණ්ඩුව කරපු වැරදි අපි ප‍්‍රතික්ෂේප කරනවා. ඉස්සරවෙලාම මනුෂ්‍යයන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න ඕන. අදත් ඒකයි අපි මේ පණිවුඩය දෙන්නේ. අපි දෙනවා විතරක් නොවේ අපිට මෙය කරගෙන යන්න අවශ්‍ය නිසි වැඩපිළිවෙල් කිහිප විටකම අපි ඉදිරිපත් කළා. මුලදී බස්නැවතුම් පළවල් වල, ප‍්‍රසිද්ධ තැන්වල මාධ්‍ය සංදර්ශන පැවැත්වුවා.

devaina news paper

No comments

Ads Place