Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වටින්නේ ජීවිතයද.. ආර්ථිකයද.. ඩෙල්ටා පෙනි පෙනී සංචරන ඉවත් කලේ ඇයි.. වහා පනවන්න..- විශේෂඥ වෛද්‍යවරුන් දැනුම් දෙති…

  විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනයයි කොවිඩ් 19 – ඩෙල්ටා ව්‍යසනය පෙනි පෙනී සංච...

 


විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි

කොවිඩ් 19 – ඩෙල්ටා ව්‍යසනය පෙනි පෙනී සංචරණ සීමා ඉවත් කලේ ඇයි?

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමත් සමගම අප රටෙහි රෝගීන් වැඩි වශයෙන් හමුවීම දක්නට ලැබෙන අතර මෙහිදී විශේෂයෙන් අන්තරාදායක වන්නේ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ඉතා දැඩි ලෙස ඉහළ ගොස් තිබීමයි. මෙම තත්වය හමුවේ එවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාවට දැනටමත් අප ළඟා වී ඇති හෙයින් මෙය තවදුරටත් වර්ධනය වීම ඉතා දැඩි අනතුරු දායක තත්වයකි.

තවද , ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව සීග්‍රයෙන් වර්ධනය වුවහොත් තව දින කිහිපයකින් අපගේ ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාවයද ඉක්මවා යන බව ඉතා පැහැදිලිය. මෙම තත්වය මරණ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වීමට හේතුවක් වන්නේ ඔක්සිජන් හිගතාව පමණක් නිසාම නොව එය රෝගීන් ට ලබා දීමේදී ඇති පහසුකම් ද ඉක්මවා යන බැවිනි. මෙය රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රෝහල් වලටද එකසේ බලපානු ඇත.

මෙවැනි තත්ත්වයක් යටතේ රට තුළ තිබූ සංචරණ සීමා වැනි දේ තව දුරටත් ලිහිල් කිරීම “ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්” වැනිය. මේ නිසා දැනටමත් ඉතා ලිහිල් ලෙස හැසිරෙන ජන සමාජයේ වැඩි කොටසක් එම සීමා ලිහිල් කිරිම රජය විසින් කරනු ලබන උඩ ගෙඩි දීමක් ලෙස සැලකීමට ඉඩ ඇත. මේ මගින් මෙම අර්බුදය තව ඔඩු දිවීමට ඇති හැකියාව ඉතා වැඩි වන බව නොඅනුමානය.

පලපුරුදු හා වගකිවයුතු වෛද්‍ය සංවිධානයක් ලෙස, මෙවැනි තීරණ ගන්නා බලධරයන් ට අප පත්වී ඇති මෙම ඉතා අනතුරුදායක තත්වය පෙන්වා දීම අපගේ යුතුකමක් ලෙස අපි දකිමු.

අපගේ දැක්ම ට අනුව මෙම සංචරණ නීති ලිහිල් කිරීම අප විසින් කළ යුතු වන්නේ, ප්‍රතිශක්ති කරන වැඩපිළිවෙල මගින් බලාපොරොත්තු වන සංඛ්‍යානමය ඉලක්ක සපුරා ගැනීම මෙන්ම එයට සමාන්තරව දෛනික රෝගීන් ප්‍රමාණය අඩුවන තත්වයක් පෙන්නුම් කරන විට ය. මෙම කාලය තව සති හතරක් හෝ අටක් විය හැක.

රටේ ආර්ථිකය ඉතා දුර්වල තත්ත්වයකට පත්ව ඇති මෙම අවස්ථාවේදී, එය නැවත එසවීමට අවශ්‍ය පියවර ඉතා ඉක්මනින් ගතයුතු බව අප පිළිගන්නෙමු. නමුත් මෙය ක්‍රියාත්මක කිරීමට යාමේදී සිදුවිය හැකි අනිසි ප්‍රතිඵල මගින් රෝග ව්‍යාප්තිය හා එමගින් මරණ සංඛ්‍යාව වැඩිවූවහොත් බලාපොරොත්තු වන ආර්ථික වර්ධනය සිදු නොවන බව අපගේ විශ්වාසයයි. විශේෂඥ වෛද්‍යවරුන් වශයෙන් අප අවධාරණය කරන්නේ කඩිනම් සංවර්ධනය සඳහා පළමුව සාමාන්‍ය ජනතාව මෙන්ම ආර්ථික විශේෂඥයන් ද මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිය යුතු බවයි. රටේ සෞඛ්‍ය අංශ දුර්වල වී කොරොනා රෝග ව්‍යාප්තිය වැඩි වුවහොත් අප බලාපොරොත්තු වන සංචාරකයින්ගේ පැමිණීමද සිහිනයක් පමණක් වනු ඇත.

මෙහිදී , වැදගත් තීරණ ගැනීමේ බලධාරීන් හට මෙම සත්‍ය තත්ත්වය පැහැදිලි කර දීමට අවශ්‍ය තොරතුරු සෞඛ්‍ය අංශයේ නිලධාරීන් විසින් සැඟවීම සහ ඔවුන්ගේ ඇල් මැරුණු ස්වභාවය ගැන අප දැඩි ලෙස කණගාටු වන අතර ඔවුන් එසේ නොකරන්නේ ඔවුනට ඒ ගැන අවබෝධයක් නැති නිසා නොව ඔවුන්ට ඒ සඳහා ධෛර්යය නොමැති නිසා වීම අපට විශ්මය දනවන කරුණකි.

මෙම සියලු කාරණා අධ්‍යයනය කිරීමෙන් පසු අප විසින් රජයෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ දැනට පවතින තත්වය ගැන නැවත සමාලෝචනයක් කර රට සෞඛ්‍යමය සහ ආර්ථික වශයෙන් ගොඩ ගැනීමට අවශ්‍ය සෞඛ්‍යමය හා සංචරණ සීමා සංශෝධනයන් ක්‍රියාත්මක කරන ලෙසයි. විශේෂයෙන්ම දරුණු ලෙස ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය හමූවේ මෙම දැඩි තීරණ ගැනීම ඉතා වැදගත් වනු ඇත. රට මෙලෙස සෞඛ්‍යමය හා ආර්ථික අතින් ඉතා දැඩි අර්බුදයකට පත්වී ඇති අවස්ථාවේදී ඉතා ප්‍රායෝගික සහ විද්‍යාත්මක තීරණ ගැනීම වැදගත් වන අතර, රටේ ජනතාවගේ සෞඛ්‍ය සදහා ප්‍රමුඛත්වය දීම ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍යම සාධකය බව අපගේ විශ්වාසයයි.

පුරවැසියන්ගේ ආදායම් මාර්ග රැක දීම ඉතා වැදගත් වන බව අපද පිළිගන්නේ නමුදු ඔවුන් ජීවත් කරවීම ඊට වඩා වැදගත් වන බව අපගේ හැඟීමයි.

මෙම ලිපිය අප වෛද්‍යවරුන් ලෙස ඉගෙනගත් ආප්තෝපදේශයක් සදහන් කිරීමෙන් අවසන් කරමු.

” මළ ගිය අයකුට වඩා පණ ඇති රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේ හැකියාව වැඩිය.”

විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු
විශේෂඥ වෛද්‍ය R. ඥාණසේකරම්

lankacnews

No comments

Ads Place