Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් රෝගියෙකු රෝහලෙන් පැනයයි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 68 කොවිඩ් වාට්ටුවේ ප්‍රථිකාර ලබමින් සිටි කොවිඩ් රෝගියෙකු එම වාට්ටුවෙන් ඊයේ (10) පැනගොස් ඇති බව කරාපිටිය රෝහල් පො...


ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 68 කොවිඩ් වාට්ටුවේ ප්‍රථිකාර ලබමින් සිටි කොවිඩ් රෝගියෙකු එම වාට්ටුවෙන් ඊයේ (10) පැනගොස් ඇති බව කරාපිටිය රෝහල් පොලිසිය පවසනවා.


මොහු ඊයේ දින ගාල්ල කරපිටිය ශික්ෂණ රෝහලේ දි රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට ලක්ව ඇති අතර එම පරික්ෂණයේ දි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවී තිබෙනවා.


පසුව මොහු කොවිඩ් 68 වාට්ටුවට ප්‍රථිකාර සදහා යොමුකොට ඇත.


එසේ ප්‍රථිකාර ලබමින් සිටියදි මොහු කොවිඩ් වාට්ටුවෙන් එදින රාත්‍රි 7.20ට පමණ පැනගොස් ඇති බව කරාපිටිය රෝහල් පොලිසිය පවසනවා.


මොහු කරාපිටිය ශික්ෂණ රෝහලට සිය ලිපිනය වශයෙන් ලබාදි ඇත්තේ ගම්මැද්ද කොට්ටව ප්‍රදේශයේ ලිපිනයක්.


යක්කලමුල්ල පොලිසියේ නිලධාරින් විසින් එම ස්ථානයට ගොස් මොහු පිළිබද සොයා බලා ඇති අතර එවැනි පුද්ගලයකු එම ලිපිනයේ පදිංචි නොමැති බව අනාවරණය වි ඇති බව යක්කලමුල්ල පොලිසිය පවසනවා.

nethnews

No comments

Ads Place