Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෞඛ්‍ය පද්ධතිය උපරිම ධාරිතාවට ළගා වෙලා – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

  වේගවත් එන්නත්කරණ කි‍්‍රයාවලියක් මෙරට තුළ කි‍්‍රයාත්මක වුවද එහි උපරිම වාසි ගන්නට පෙර ඉතා අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීමට අපට සිදුව ඇතැයි වි...

 


වේගවත් එන්නත්කරණ කි‍්‍රයාවලියක් මෙරට තුළ කි‍්‍රයාත්මක වුවද එහි උපරිම වාසි ගන්නට පෙර ඉතා අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීමට අපට සිදුව ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප‍්‍රනාන්දු මහතා ස`දහන් කළේය.


මේ හේතුවෙන් අද රට ඉදිරියේ පවතින කොරෝනා රැුල්ල පාලනයට වත්මන් එන්නත්කරණ වැඩපිළිවෙළ තුළින් නොහැකි වන බවද ඒ මහතා පෙන්වා දෙයි.


රජයේ වත්මන් එන්නත්කරණ වැඩපිළිවෙළ තුළින් ඉදිරියේදී එන කොරෝනා රැුලි පාලනය කර ගැනීමට හැකි වුවද තවත් දිනකින් දෙකකින් හෝ සතියකින් මතුවන රැුලි එමගින් පාලනය කළ නොහැකි බව පැවසූ ඒ මහතා තීන්දු තීරණ ගැනීමේ ප‍්‍රමාදය මෙම තත්ත්වයට ප‍්‍රධාන හේතුවක් බවද වැඩිදුරටත් කියා සිටියි.


මේ අතර වේගයෙන් පැතිර යන ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය හමුවේ රටේ සෞඛ්‍ය පද්ධතිය මේ වන විට උපරිම ධාරිතාවට ළ`ගා වී අවසන් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලිපියක් නිකුත් කරමින් ස`දහන් කරයි.


මේ හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසකට පත්ව සිටින බවද පෙන්වා දෙන එම සංගමය උපරිම ප‍්‍රතිකාර ලබාදීමේ ඇති හැකියාව ද මේ වන විට සෞඛ්‍ය අංශ අතින් ගිලිහී යමින් පවතින බැවින් පනවා තිබෙන සීමා තවදුරටත් වහාම දැඩි කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.


මේ අතර අත්‍යවශ්‍යම කරුණකට හැර කොළඹ නගරයට නොපැමිණෙන ලෙස කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ද ඊයේ (16 වැනිදා) ස`දහන් කළාය. නිවේදනයක් නිකුත් කරමින් මේ බව ස`දහන් කරන ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ මේ වනවිට කොළඹ නගරය තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යමින් මරණ සිදුවීම ද ඉහළ යමින් තිබෙන බවය.


රෝහල් තුළ පවතින තදබදය නිසා නිවෙස්වල ප‍්‍රතිකාර ස`දහා යොමු කර සිටින කොරෝනා වෛරසය ආසාදිතයන් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් මාර්ගෝපදේශ කිසිවක් මෙතෙක් නොලැබුණු බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ස`දහන් කරයි.


මෙම තත්ත්වය හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට ජනතාව දොස් පවරන බව පවසන එම සංගමය කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල නිවෙස්වල ප‍්‍රතිකාර ලබන


රෝගීන් ස`දහා වෛද්‍යවරුන් වෙන්කර තිබුණ ද පිට පළාත්වල එවන් තත්ත්වයක් දක්නට නොමැති බව පවසයි.


රට තුළ පවතින අධි වසංගත තත්ත්වය හමුවේ පෙරේදා (15 වැනිදා) දිනය තුළ අලූතින් හ`දුනාගත් ආසාදිතයන් 3435 සම`ග අඛණ්ඩව දින තුනක් යළිත් දෛනික ආසාදිතයන් සංඛ්‍යාව තුන්දහස ඉක්මවා යනු ලැබිණි.


එසේම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් පෙරේදා ස`දහන් කරනු ලැබූ කොරෝනා ආසාදිත මරණ


161 ත් සම`ග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද හය දහසේ සීමාව ඉක්මවා යමින් 6096 දක්වා ඉහළ ගියේය.


එම මරණ 161 ඉකුත් සෙනසුරාදා සිදුව ඇති අතර මේ අතරින් 122 දෙනකුම වයස අවුරුදු හැට ඉක්මවූවන් බව සෞඛ්‍ය අංශ ස`දහන් කරයි.


වයස අවුරුදු 30-59 අතර පුද්ගල මරණ 38 ක්ද එම මරණ 161 අතර තිබෙන බව පෙන්වා දෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ වයස අවුරුදු තිහට අඩු කාන්තාවක ද මෙහිදී මියගොස් ඇති බවයි.


කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 2325 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝ්ග විද්‍යා ඒකකය ඊයේ පස්වරුවේ ස`දහන් කළේය.


එම පිරිසත් සම`ග කොරෝනා වැලඳී ප‍්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලද මෙරට සමස්ත ගණන ද 312057 දක්වා ඉහළ ගියේය.

devaina

No comments

Ads Place