Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොදු ප්‍රවාහන සේවාවල ආසන ගණනට වඩා මගීන් රැගෙන ගියොත් වැඩ වරදී!

  පොදු ප්‍රවාහන සේවාවල ගමන් කළ යුතු අවම මගින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් ප්‍රවාහනය කරන රියැදුරන් සහ කොන්දොස්තරවරුන් සොයා බස්නාහිර පළාත මූ...

 


පොදු ප්‍රවාහන සේවාවල ගමන් කළ යුතු අවම මගින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් ප්‍රවාහනය කරන රියැදුරන් සහ කොන්දොස්තරවරුන් සොයා බස්නාහිර පළාත මූලිකව දිවයින් පුරා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


ඔහු සඳහන් කළේ, ඊයේ (අගෝස්තු 4) දින කොළඹ නගරය ආශ්‍රිතව සිදුකරන ලද මෙහෙයුම්වලදී අවම සංඛ්‍යාවට වඩා මගීන් ප්‍රවාහනය කළ රියැදුරන් 11ක් සහ ඔවුන් ධාවනය කළ බස් රථ 11ක් අත්අඩංගුවට ගත් බවය. 


එම මෙහෙයුම් අද (අගෝස්තු 5) දිනයේදීත් කොළඹ නගරය කේන්ද්‍රව බස්නාහිර පළාත තුළ, බස්නාහිර පළාතට ඇතුළු වන ස්ථාන ආශ්‍රිතව සහ සමස්ත දිවයින පුරා ම ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.


පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පොදු ප්‍රවාහන සේවා බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් නිරෝධායන නීතිවලට අනුගත නොවී එලෙස මගීන් ප්‍රවාහනය කළහොත් එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් අදාළ බස් රථ පොලිසිය බාරයට ගන්නා බවත්ය.

noizetv

No comments

Ads Place