Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තෙල් සංස්ථාවෙන් නව ගෑස් සමාගමක් – ඇමැති ගම්මන්පිලට කැබිනෙට්ටුවෙන් බලය!

 ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව නව සමාගමක් ආරම්භ කර එල්.පී. ගෑස් අලෙවි කිරීම සඳහා කැබිනට් මණ්ඩලය බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතාට බ...


 ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව නව සමාගමක් ආරම්භ කර එල්.පී. ගෑස් අලෙවි කිරීම සඳහා කැබිනට් මණ්ඩලය බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතාට බලය පවරා තිබේ. පසුගිය 9 දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ තීරණය ගෙන තිබේ.


ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ එල්.පී. ගෑස් අවශ්‍යතාවෙන් සියයට 5ක් පමණ ප්‍රමාණය ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වලට දෙන අතර, ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය ලෙසින් නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකිරීම බලශක්ති අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.


එම ඉදිකිරීමෙන් පසු දේශීය ගෑස් අවශ්‍යතාවෙන් සියයට 20කට ආසන්න ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඇති බවත් නව ගෑස් සමාගම ස්ථාපිත කිරීමෙන් අනතුරුව තරගකාරි මිල ගණන් යටතේ වෙළෙඳපොළට එල්.පී. ගෑස් දීමට බලාපොරොත්තු වන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

noizetv

No comments

Ads Place