Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔක්සි මීටර් සඳහාත් පාලන මිලක් එන ලකුණු

මේ දිනවල වැඩියෙන් කතාබහට ලක්වන රුධිරයේ ඔක්සිජන් මට්ටම පරීක්ෂා කරන ඔක්සි මීටර් සඳහාද පාළන මිලක් පැනවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි පාරිභෝග...


මේ දිනවල වැඩියෙන් කතාබහට ලක්වන රුධිරයේ ඔක්සිජන් මට්ටම පරීක්ෂා කරන ඔක්සි මීටර් සඳහාද පාළන මිලක් පැනවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. 


මේ වන විට ඔක්සිජන් මට්ටම පරීක්ෂා කරන ඔක්සි මීටර් සඳහා වෙළඳපොළ තුළ වැඩි ඉල්ලුමක් පවතිනවා. 


ඒ, නිවෙස් තුළ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සහ ස්ව්‍යං නිරෝධායනයට ලක්ව සිටින පිරිස් ඉහළ යාමත් සමඟයි. 


ඒ අනුව රුපියල් 2,000 සිට රුපියල් 5,000 දක්වා විවිධ මිල ගණන් යටතේ මෙම ඔක්සි මීටර් වෙළදපොළ තුල අලෙවි වන බවටයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ. 


පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් මේ වන විටත් පැමිණිලි ලැබී ඇති බවයි.


අසාධ්‍ය තත්ත්වයේ සිටින කොරෝනා රෝගීන්ට ලබාදෙන ටොසිලි සුමාබ් නම්වූ එන්නත ද මේ වන විට වෙළඳපොළ තුළ පාලනයක් නොමැතිව අධික මිල ගණන් යටතේ අලෙවි වන බව නෙත් නිවුස් ඊයේ පෙන්වා දුන්නා. එම එන්නත් හිගයක්ද මේ වන විට වෙළඳපොල තුළ දැඩිව පවතිනවා. 


ඒ අනුව එම එන්නත් හෙට සිට මෙරටට ගෙන්වීමටයි සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත්තේ.

nethnews

No comments

Ads Place