Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කට වැහුවොත් රට වහන්න අවශ්‍ය නෑ!

  ජනතාව කට (මුව) වහන්නේ නම් රට වැසීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි. පවතින තත්ව...

 


ජනතාව කට (මුව) වහන්නේ නම් රට වැසීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.


පවතින තත්වය යටතේ රට වහනවාද කට වහනවාද යන්න ජනතාව තීරණය කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.


සමාජයේ බොහෝ පිරිසක් මුව ආවරණ නිසි ආකාරයට පළඳින බවක් පෙනෙන්නට නැතැයි පැවසූ හම්දානි මහතා වයිරසය වේගයෙන් පැතිරීමට එයද ප්‍රධාන හේතුවක් වී ඇතැයි ප්‍රකාශ කළේය.


මුව ආවරණ දාන්නම් වාලේ දමා වැඩක් නැතැයිද ඔහු පැවසුවේය.


මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් නීතී තවත් දැඩි කළ යුතු බවත් සුපිරි වෙළෙඳ සල් සහ සාප්පු සංකීර්ණ සම්බන්ධයෙන්ද අලුත් නීති ළඟදීම හඳුන්වාදීමට නියමිත බවත් වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.


හැකිතාක් සංචරණ නවත්වා නිවෙස්වලටවී කාලය ගත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

noizetv

No comments

Ads Place