Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාබුල් ගුවන් තොටුපළේ රැඳී සිටින ඇෆ්ගන් වැසියන්ට ඇමරිකාවෙන් පොරොන්දුවක්

කාබුල් ගුවන් තොටුපළේ රැඳී සිටින ඇෆ්ගන් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් මොහොත දක්වා ක්‍රියාත්මක කරන බව අමෙරිකාව පවසනවා.  අමෙරිකාව මේබව පැව...


කාබුල් ගුවන් තොටුපළේ රැඳී සිටින ඇෆ්ගන් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් මොහොත දක්වා ක්‍රියාත්මක කරන බව අමෙරිකාව පවසනවා. 


අමෙරිකාව මේබව පැවසුවේ කාබුල් ගුවන් තොටුපළ ඉලක්ක කර අයි එස් සංවිධානයෙන් තවදුරටත් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් මතුව ඇති පසුබිමක් තුළයි. 


එසේම විදෙස් රටවලින් සිදුකරන මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කිරීම සඳහා තලෙයිබාන් සංවිධානය විසින් කාලය ලබාදී ඇත්තේ අගෝස්තු මස 31 වනදා දක්වා පමණයි. අදාළ කාලය සම්පූර්ණ වීම සඳහා ඉතිරිව ඇත්තේ ද තවත් පැය 72 ක් පමණයි. 


මෙවන් පසුබිමක අමෙරිකාව තවදුරටත් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ ද නේටෝ සංවිධානයට අයත් රටවල් රැසක්ම මේවනවිටත් සිය මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කර තිබෙනවා. 


කෙසේවෙතත් අමෙරිකාව පවසන්නේ රටින් පිටවීමේ අපේක්ෂාවෙන් තවත් 5,000 ක පමණ පිරිසක් කාබුල් ගුවන් තොටුපළ තුළ හා ඒ අවට රැඳී සිටින බවයි. 


මේ අතර තමන් මේවනවිටත් ගුවන් තොටුපළේ කොටසක පාලන බලය අල්ලා ගෙන ඇතැයි තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කළා. 


විදෙස් වාර්තා පවසන්නේ පෙන්ටගනය එය ප්‍රතික්ෂේප කර ඇති බවයි. 

nethnews

No comments

Ads Place