Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගැසට් කැඩූ ප‍්‍රකට පුද්ගලික රෝහල් දෙකකට නඩු

  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අංක 2240/30 අති විශේෂ ගැසට් පත්‍රයට අනුව කොරෝනා රෝගය පරික්ෂා කිරීම සඳහා සිදු කරනු ලබ...


 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අංක 2240/30 අති විශේෂ ගැසට් පත්‍රයට අනුව කොරෝනා රෝගය පරික්ෂා කිරීම සඳහා සිදු කරනු ලබන PCR පරීක්ෂණය සඳහා අයකල හැකි උපරිම ගාස්තුව රුපියල් 6500ක් සහ Rapid Antigen පරීක්ෂාව සඳහා සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 2000ක් ලෙස නියම කර ඇත.

නමුත් 13 දින පුත්තලම පාරිභෝගික අධිකාරිය විසින් සිදු කළ විමර්ශනයකදී ප්‍රසිද්ධ රෝහල් දෙකක් මගින් ක්‍රියාත්මක වෙන්නප්පුව සහ හලාවත ප්‍රදේශ වල පවත්වාගෙන යනු ලබන රසායනාගාර මධ්‍යස්ථාන දෙකක PCR පරීක්ෂාව සඳහා නියමිත ගාස්තුවට වඩා ඉහළ මිල ගණන් අය කළ බව අනාවරණය වී ඇත.
මේ සම්බන්ධව පුද්ගලික රෝහල් දෙකට එරෙහිව මාරවිල හා හලාවත මහේස්ත්‍රාත් අධිකරණ වල ඉදිරියේ දී නඩු පැවරීමට නියමිතව ඇත.

PCR හා Rapid Antigen පරීක්ෂණ ගාස්තු සම්බන්ධව තවදුරටත් දිස්ත්‍රික්කය පුරා විමර්ශන සිදුකරන බව පුත්තලම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පවසා ඇත.

lankacnews

No comments

Ads Place