Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹට ජනයාගේ පැමිණීමේ පැහැදිලි අඩුවක්

 අත්‍යාවශ්‍ය සේවා සඳහාත් රජයේ සහ පෞද්ගලික ආයතනවලට අවම ප්‍රමාණයෙන් සේවකයන් කැඳවීමටත් රජය අවසර දී තිබුණද කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල නගර...


 අත්‍යාවශ්‍ය සේවා සඳහාත් රජයේ සහ පෞද්ගලික ආයතනවලට අවම ප්‍රමාණයෙන් සේවකයන් කැඳවීමටත් රජය අවසර දී තිබුණද කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල නගරවලට ජනතාව පැමිණීමේ පැහැදිලි අඩුවක් අද (23) දක්නට ලැබුණු බව පොලිස් මූලස්ථානය පවසයි.


මේ හේතුවෙන් කොළඹ මීගමු මාර්ගය, හයිලෙවල් මාර්ගය සභා කොළඹ ගාලු මාර්ගය යන ප්‍රධාන මාර්ගවල වෙනදා මෙන් රථ වාහන තදබදයක්ද ඇති නොවුණු බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.


මාර්ගවල බොහෝ විට දක්නට ලැබුණේ අත්‍යාවශ්‍ය සේවා සඳහා ගමන් කරන වාහන පමණකැයිද හෙතෙම සඳහන් කළේය.


ප්‍රධාන නගරවල වෙළෙඳසල් සියල්ලම පාහේ වසා දමා තිබෙනු දක්නට ලැබිණ.


විවෘත කිරීමට අවසර ඇති ඖෂධ අලෙවිසල්වල පමණක් ජනයා අඩු වැඩි වශයෙන් සිටිනු දැකගත හැකි විය.


ප්‍රධාන මාර්ගවල අමතර පොලිස් මාර්ග බාධක මෙවර සුලභව දක්නට නොවීමද විශේෂත්වයකි.


අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදී ඇති අවසරය අවභාවිතා කරමින් නගරවලට නොපැමිණෙන්නැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ජනතාවගෙන් පසුගිය දිනවල දිගින් දිගටම ඉල්ලීම් කළ අතර ජනයා නගරවලට පැමිණීම අඩු වීමට එම ඉල්ලීමද හේතු වන්නට ඇතැයි පොලිසිය පවසයි.


එසේම අත්‍යවශ්‍යම සේවකයන් පමණක් කැඳවන්නැයිද රජය ආයතන ප්‍රධානින්ට කල් තියාම දැනුම් දී තිබිණ.


මේ සංචරණ පාලනය ඉදිරි දිනවලද බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අංශ ප්‍රධානිහු පවසති.

lankadeepa

No comments

Ads Place