Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තරුණියට අතවර කළ ව්‍යාපාරිකයා කූඩු… අතවර කොට පලායද්දී ජංගම දුරකථනය බිමවැටිලා!

  කිරුළපන සිද්ධාර්ථ මාවතේ තෙමහල් නිවාසයක වාසය කළ 19 හැවිරිදි තරුණියකට අතවර කළ බව කියන 36 හැවිරිදි අවිවාහකයකු අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිස...

 


කිරුළපන සිද්ධාර්ථ මාවතේ තෙමහල් නිවාසයක වාසය කළ 19 හැවිරිදි තරුණියකට අතවර කළ බව කියන 36 හැවිරිදි අවිවාහකයකු අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසයි.


 මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන සිද්ධාර්ථ මාවතේ පදිංචි, පිටකොටුව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි.


 සැකකරුගේ නිවසට යාබදව පිහිටි තෙමහල් නිවසක තෙවන මහලේ පදිංචිව සිටි මෙම තරුණිය පෞද්ගලික පාසලක ගුරුවරියක ලෙස සේවය කර ඇතැයි පැවසේ.


 සිද්ධිය වූ දිනයේ, ඇයගේ මව හා සොහොයුරා අවම`ගුල් නිවසකට ගොස් නැවත නිවසට පැමිණීමට නියමිතව තිබූ නිසා දොර වසා අ`ගුළු නොදමා තිබී ඇති අතර එම අවස්ථාවේ සැකකරු නිවසට ඇතුළුවී තරුණිය නිදා සිටි කාමරයට ගොස් මෙලෙස අතවර කර ඇති බව පොලිසිය පවසයි.


 තරුණිය නින්දෙන් අවදි වී කෑගසා ඇතිමුත් සැකකරු තියුණු ආයුධයක් පෙන්වා ඇයව බියගන්වා අපයෝජන කර ඇති බවට තොරතුරු හෙළි කරගෙන තිබේ. තරුණියගේ දෙමාපියන් පැමිණි හඬ ඇසෙද්දී සැකකරු නිවෙසින් පලාගොස් ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය පියාගැටපෙළෙහි වැටී තිබියදී සොයාගෙන තිබේ.


 පොලිස් භාරයට ගත් ජංගම දුරකථනය පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි අසභ්‍ය දර්ශන සියයකට ආසන්න ප‍්‍රමාණයක් හමු වූ බව කිරුළපන පොලිසිය පවසයි.


 අතවරයට ලක් වූ තරුණිය කළුබෝවිල රෝහලේ අධිකරණ වෛiවරයා වෙත යොමු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අලූත්කඬේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


 සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කිරුළපන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්දන කළුආරච්චි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප‍්‍රදීප් එදිරිවීර මහතාගේ මෙහෙයවීමෙන් කිරුළපන පොලිසිය විසින් සිදු කරනු ලබයි.

devaina news paper

No comments

Ads Place